Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති
රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති

editorial - 2024 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ කුසලාන වටය යටතේ සෙනසුරාදා (10 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 19-15 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් තරගාවලියේ ශූරතාව දිනාගැනීම කෙරෙහි බලාපොරොත්තු රඳවාගැනීමටද මහනුවර කණ්ඩායමට හැකි විය. 

ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් දක්නට ලැබුණ අතර පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 03-00 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වුවත් දෙවැනි අර්ධය තුළ හැව්ලොක් ක්‍රීඩකයන් ලකුණු 12 ක් රැස්කරද්දී, ලකුණු 19 ක් රැස්කළ මහනුවර ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනමක් මගින් ලකුණු ලබාගනිද්දී, හැව්ලොක් කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක්, උත්සාහක දිනමක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී මහනුවර කණ්ඩායමේ කවිඳු පෙරේරා (78 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් සුරංග කසුන් 43 වැනි විනාඩියේදීද, ජේසන් දිසානායක 48 විනාඩියේදීද, ලවංග පෙරේරා 65 විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය. 

ජනිත් චන්දිමාල් 57 වැනි විනාඩියේදීද, ඔලිවර් බක්ල් 76 වැනි විනාඩියේදීද හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට සන්දේෂ් ජයවික්‍රම සමත් විය. 40 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ ජනිත් චන්දිමාල් විසිනි. 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ බලාපොරොත්තු රඳවාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.