Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති
අන්තර් සමාජ පළමු පෙළ

මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

editorial - 2024 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හයවැනි සතිය යටතේ ඊයේ (13 වැනිදා) වැලිසර නාවික හමුදා රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 48-07 ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද මහනුවර කණ්ඩායමට හැකි විය. 

ආරම්භයේ සිටම ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වූ මහනුවර ක්‍රීඩකයෝ, පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 17-07 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූහ. දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 31 ක් එක් කරගත් මහනුවර ක්‍රීඩකයෝ, එහිදී නාවික හමුදාවට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන්හ.  

මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 5 ක්, උත්සාහක දිනම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. එහිදී මහනුවර කණ්ඩායමේ තිළිණ බණ්ඩාර 74 වැනි විනාඩියේදීද, නාවික හමුදාවේ සුදීර සංකල්ප 59 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් ලවංග පෙරේරා 9 වැනි විනාඩියේදීද, උචිත ජයසූරිය 23 විනාඩියේදීද, ධනුෂ්ක රංජන් 40 විනාඩියේදීද, තිළිණ බණ්ඩාර 44 වැනි විනාඩියේදීද, හේෂාන් ජැන්සන් 47 වැනි විනාඩියේදීද, තරින්ද රත්වත්තේ 52 වැනි විනාඩියේදීද, කවිඳු පෙරේරා 69 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ.

ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් මෙන්ම 65 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් වෙද්දී, නයිජල් රත්වත්තේ තවත් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගත්තේය. 

තරගයේ 28 වැනි විනාඩියේදී අමිත් මධුෂංක නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් එය ගෝල දිනුමක් බවට පත්කරනු ලැබුවේ ඉසුරු කෝන්ගහවත්ත විසිනි. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ නාවිකයන්ට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.