Last Update  :  2026-01-26 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

මහනුවර ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2026 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ මූලික වටයේ අවසන් සතියේ තරගයක් ලෙස මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර සෙනසුරාදා (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 62-17 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේදී මහනුවර කණ්ඩායම ලැබූ හයවැනි ජය මෙය විය. 

යුද හමුදා කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගනය වන පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 29-05 ක් ලෙස පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු ලබාගත් අතර යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී මහනුවර ක්‍රීඩකයන් ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 33 ක් එක්කර ගැනීමට සමත් වෙද්දී, යුද හමුදා ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 33 ක් පමණි. ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට මහනුවර කණ්ඩායමට ලකුණු 62-17 ක පහසු ජයක් හිමිවිය. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.