Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැක ගනිති
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැක ගනිති

editorial - 2024 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ අද (7 වැනිදා) නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 27-22 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද මහනුවර කණ්ඩායමට හැකි විය. 

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් දක්නට ලැබුණද, පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 19-17 ක් ලෙස තරගයේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූහ. දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 8 ක් එක් කරගැනීමට මහනුවර කණ්ඩායම සමත් වෙද්දී, හැව්ලොක් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, හැව්ලොක් කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනමක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී මහනුවර කණ්ඩායමේ සදුක අතුකෝරල (14 වැනි විනාඩියේදී) සහ තරින්ද රත්වත්තේද (32 වැනි විනාඩියේදී), හැව්ලොක් කණ්ඩයාමේ උදාර ජයපයියාද (43 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

මහනුවර කණ්ඩායම වෙනුවෙන් දිනාල් ඒකනායක 26 වැනි විනාඩියේදීද, ධනුෂ්ක රංජන් 30 විනාඩියේදීද, තරිඳු චතුරංග 37 විනාඩියේදීද, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 55 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් මෙන්ම 44 වැනි විනාඩියේදී මහනුවර කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් වෙද්දී, තවත් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට නයිජල් රත්වත්තේ සමත් විය. 

සෙනාල් දීලක 18 වැනි විනාඩියේදීත්, රන්දිත වර්ණපුර 34 වැනි විනාඩියේදීත්, දිනූප සෙනෙවිරත්න 62 වැනි විනාඩියේදීත් හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් මෙන්ම 39 වැනි විනාඩියේදී හැව්ලොක් කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගනු ලැබුවේ සැමුවෙල් මධුවන්ත විසිනි. 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයෝ අපරාජිත බව රැක ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.