Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - සී.ආර්. අපරාජිත බවට ගැටෙයි
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවර - සී.ආර්. අපරාජිත බවට ගැටෙයි

editorial - 2024 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධාන කරන මෙවර (2023-24) අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ මූලික වටය අවසානයේ අපරාජිත බව රැකගන්නා කණ්ඩායම කුමක්දැයි තීරණය කෙරෙන තීර්ණාතරමක තරගය එළබෙන ඉරිදා (21 වැනිදා) පස්වරු 3.45 සිට මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.  

මෙතෙක් සහභාගි වූ තරගවලදී ප්‍රසාද ලකුණද සමග සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, යුද හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව, හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව පරාජය කළ මහනුවර ක්‍රීඩකයන් ලකුණු 36 කට හිමිකම් කියන අතර සති 5 ක් පුරා එක් ලකුණක පරතරයකින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමටද ඔවුහු සමත්ව සිටිති. 

යුද හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සහ හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගවලදී ප්‍රසාද ලකුණද සමග ජය ලැබීමට සී.අර්. ක්‍රීඩකයන් සමත් වුවද, ඔවුහු තරගාවලියේ දෙවැනි සතියේදී පොලිසියට එරෙහිව පැවැති තරගයෙන් ජය ලැබුවේ ප්‍රසාද ලකුණ නොමැතිවය. මේ වන විට හැව්ලොක් ක්‍රීඩා සමාජය ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 35 කි. 

ඒ අනුව මෙම සතියේදී මහනුවර සහ සී.ආර්. කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර ඉන් ජයගන්නා කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත බව රැකගනිමින් කුසලාන වටයට සුදුසුකම් ලබනු ඇත. මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාවන් අනුව කුසලාන වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් 2 වන්නේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයය. 

මූලික වටයේ හත්වැනි සතිය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදාව හෙට (19 වැනිදා) හැව්ලොක් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙන අතර විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන එම තරගය පස්වරු 6.30 ආරම්භ වීමට නියමිතය. හත්වැනි සතියේ සෙසු තරග දෙක පොලිසිය සහ ගුවන් හමුදාව අතරද, යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතරද සෙනසුරාදා (20 වැනිදා) පස්වරු 3.45 සිට පැවැත්වේ. 

හත්වැනි සතියේ තරග කාලසටහන 
■ ජන. 19 - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී
■ ජන. 20 - පොලිසිය සහ ගුවන් හමුදාව අතර තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී 
■ ජන. 20 - යුද හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 
■ ජන. 21 - මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී  

 


අදහස් (0)

මහනුවර - සී.ආර්. අපරාජිත බවට ගැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.