Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මහනුවර - නාවික හමුදාව පෙරමුණ ගනියි
අන්තර් සමාජ ලීග් රග්බි

මහනුවර - නාවික හමුදාව පෙරමුණ ගනියි

editorial - 2022 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි සතිය නිමාවට පත්වන විට කුසලාන වටයේ පෙරමුණ ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයත්, පළඟ වටයේ පෙරමුණ ගැනීමට නාවික හමුදා කණ්ඩායමත් සමත්ව සිටිති.

මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ජයගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජය, ඉකුත් සතියේදී පොලිසියට එරෙහිව පැවැති තරගය ලකුණු 21-07 ක් ලෙස ජයගනිමින් තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමට සමත් විය. අප්‍රේල් මස 3 වැනිදා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර කණ්ඩායම මීළඟ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳීම හේතුවෙන් පළඟ වටය යටතේ ක්‍රීඩා කිරීමට සිදුවූ නාවික හමුදාව, ඉකුත් සතියේදී යුද හමුදාවට එරෙහිව ලකුණු 22-06 ක ජයක් වාර්තා කරමින් එම වටයේ පෙරමුණට පැමිණියේය. නාවික හමුදාව අප්‍රේල් මස 2 වැනිදා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව තරග වැදීමට නියමිතය.

කුසලාන වටයේ සහ පළඟ වටයේ තවත් තරග දෙකක් මෙම සති අන්තයේදී (තරගාවලියේ 11 වැනි සතියේදී) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී යුද හමුදාවට එරෙහිව ගුවන් හමුදාව අප්‍රේල් මස 1 වැනිදා පළඟ වටය යටතේද, හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය අප්‍රේල් මස 3 වැනිදා කුසලාන වටය යටතේද තරග බිමට පිවිසෙති. මෙම සියලුම තරග පස්වරු 4.30 ට ආරම්භ කිරීමට නියමිතය.

11 වැනි සතියේ තරග කාල සටහන
■ අප්‍රේල් 1 - යුද හමුදාවට එරෙහිව ගුවන් හමුදාව හැව්ලොක් පිටියේදී
■ අප්‍රේල් 2 - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදාව ලොන්ඩන් පෙදෙසේදී
■ අප්‍රේල් 3 - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය තුරඟ තරග පිටියේදී
■ අප්‍රේල් 3 - හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසිය හැව්ලොක් පිටියේදී

 


අදහස් (0)

මහනුවර - නාවික හමුදාව පෙරමුණ ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.