Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිසිය පැවතීම හෝ නැතිවීම අතර සටනක
අන්තර් සමාජ ලීග් තරගාවලිය

පොලිසිය පැවතීම හෝ නැතිවීම අතර සටනක

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ මූලික වටයේ අවසන් සතිය ආරම්භ කරමින් පොලිස් කණ්ඩායම යුද හමුදාවට එරෙහිව බම්බලපිටිය පොලිස් පිටියේදී අනිද්දා (19 වැනිදා) පස්වරු 4.00 ට තරග බිමට පිවිසෙයි. මෙම කණ්ඩායම් දෙකම මූලික වටය යටතේ සහභාගි වන අවසන් තරගය මෙයයි.
 
මේ වන විටත් කණ්ඩායම් 3 ක් තරගාවලියේ කුසලාන වටයට සුදුසුකම් ලබා සිටිති. කුසලාන වටයට පිවිසෙන සිවුවැනි කණ්ඩායම බවට පත්වීම සඳහා පොලිසිය මෙම තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුය. මේ දක්වා සහභාගි වූ තරග 6 දී ජයග්‍රහණය 2 ක් සහ පරාජ 4 ක් හිමිකරගෙන ඇති පොලිස් ක්‍රීඩකයෝ, මේ වන විට ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටිති.

යුද හමුදාවට එරෙහිව පැවැත්වෙන තරගය ප්‍රසාද ලකුණද සමග ජයගැනීමට පොලිසිය සමත් වුවහොත් මුලු ලකුණු 18 ක් ලබා පහසුවෙන්ම ඔවුන් කුසලාන වටයට සුදුසුකම් ලබාගනු ඇත. එහිදී පොලිසිය ප්‍රසාද ලකුණ නොමැතිව ජය ලැබුවහොත් ඔවුන් සහ මේ වන විට ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවන ගුවන් හමුදාව (ලකුණු 17) සම තත්ත්වයට පත්වනු ඇත.

තරගාවලියේ නීති රීතිවලට අනුව එවැනි අවස්ථාවකදී කණ්ඩායම් දෙක තරගාවලිය පුරා රැස්කර ඇති ලකුණු සංඛ්‍යාවන් සංසන්දනය කරන අතර වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ඇති කණ්ඩායමට කුසලාන වටයට පිවිසීමට අවස්ථාව උදාවනු ඇත. ගුවන් හමුදාව තරගාවලිය පුරා ලකුණු 95 ක් රැස්කරගෙන ඇති අතර පොලිසිය සිය අවසන් තරගයට පෙර රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 93 කි.

කෙසේ වුවත් පොලිසිය මෙම තරගයේදී යුද හමුදාව හමුවේ පරාජයට පත්වුවහොත් ගුවන් හමුදාව කුසලාන වටයට පිවිසෙනු ඇත. මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 7 න් තරග 3 ක් ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ සෙසු තරග 4 පරාජයට පත්වූහ. කෙසේ වුවත් පවතින තත්ත්වය අනුව ඔවුන්ට කුසලාන වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා යුද හමුදාව හමුවේ පොලිසිය පරාජයට පත්වන තෙක් බලාසිටීමට සිදුව ඇත.

මෙවර තරගාවලියේදී නාවික හමුදාව හමුවේ ලකුණු 12-00 කින්ද, හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 21-17 කින්ද, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 36-23 කින්ද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 25-22 කින්ද පරාජයට පත් වූ පොලිස් ක්‍රීඩකයෝ, ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 11-03 ක ජයක්ද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 20-03 ක ජයක්ද වාර්තා කිරීමට සමත් වූහ.

එහිදී සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමග පැවැති තරගය ලකුණු 16-16 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් යුද හමුදාවට, ලකුණු 18-13 ක් ලෙස ජයගත හැකි වූයේ නාවික හමුදාවට එරෙහිව පැවති තරගය පමණි. සෙසු තරගවලදී ඔවුහු හැව්ලොක් ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 36-14 ක් ලෙසද, ගුවන් හමුදාව හමුවේ ලකුණු 12-05 ක් ලෙසද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 33-23 ක් ලෙසද, මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ ලකුණු 21-17 ක් ලෙසද පරාජයට පත් වූහ.

 


අදහස් (0)

පොලිසිය පැවතීම හෝ නැතිවීම අතර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.