Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති
අන්තර් සමාජ පළමු පෙළ

පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

editorial - 2024 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පස්වැනි සතිය යටතේ අද (5 වැනිදා) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 19-10 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මෙම ජයත් සමග පියවරක් ඉදිරියට එමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද පොලිසියට හැකි විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-05 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 12 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 5 ක් රැස්කිරීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, පොලිසිය පසුකර යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

පොලිසිය ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගනිද්දී, යුද හමුදාව ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුම් 2 ක් මගිනි. එහිදී යුද හමුදාවේ නලින් ප්‍රේමරත්නද (55 වැනි විනාඩියේදී), පොලිසියේ යොමාල් සාරංග (70 වැනි විනාඩියේදී) සහ ශවීන් ජයවර්ධනද (79 වැනි විනාඩියේදී)  විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

පොලිසිය වෙනුවෙන් ශානක හරිෂ්චන්ද්‍ර 4 වැනි විනාඩියේදීද, හෂාන් ප්‍රනාන්දු 58 වැනි විනාඩියේදීද, හිරන්ත පෙරේරා 68 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් දෙදක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට යොහාන් පීරිස් සමත් විය. යුද හමුදාව වෙනුවෙන් අෂාන් බණ්ඩාර සහ ලසන්ත කුමාර පිළිවෙලින් 31 වැනි සහ 43 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් වාර්තා කළහ. 


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.