Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති
රග්බි ලීගය

පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

editorial - 2024 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ සිකුරාදා (9 වැනිදා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් යුද හමුදාවට එරෙහිව ලකුණු 42-37 ක ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය.

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 29-20 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදාව සමත් වුවද, දෙවැනි අර්ධයේදී ලකුණු 22 ක් රැස්කළ පොලිස් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ. එහිදී  යුද හමුදාවට රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. 

පොලිසිය ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, යුද හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගිනි. එහිදී පොලිසියේ යොමාල් තිලකරත්න (8 වැනි විනාඩියේදී) සහ යුද හමුදාවේ දනිල්ෂ දිසානායක (73 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. 

පොලිසිය වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු 20 වැනි, 25 වැනි සහ 80 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 3 ක් ලබාගත් අතර හිරන්ත පෙරේරා 68 වැනි සහ 74 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 2 ක්ද, ආකාෂ් මධුෂංක 6 වැනි විනාඩියේදී එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ. 

ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් මෙන්ම පොලිසියට හිමිවූ දඬුවම් පහර 2 ක්ද සාර්ථක කර ගැනීමට ෂේන් හෝවූඩ් සමත් වූ අතර තවත් ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට නවක ක්‍රීඩක නවීන් කනිෂ්ක සමත් විය. 

යුද හමුදාව වෙනුවෙන් සුදාරක දික්කුඹුර (2 වැනි සහ 22 වැනි විනාඩිවලදී) උත්සාක දිනුම් 2 ක්ද, අෂාන් බණ්ඩාර (17 වැනි විනාඩියේදී), ලසන්ත කුමාර (28 වැනි විනාඩියේදී) සහ කවීන් පෙරේරා (51 වැනි විනාඩියේදී) එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළහ. 

ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් මෙන්ම යුද හමුදාවට හිමිවූ දඬුවම් පහර 2 ක්ද සාර්ථක කරගනු ලැබුවේ අෂාන් බණ්ඩාර විසිනි.


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.