Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පොලිස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති
අන්තර් සමාජ පළමු පෙළ

පොලිස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

editorial - 2024 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ සෙනසුරාදා (20 වැනිදා) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 34-22 ක පහසු ජයක් වාර්තා කිරීමට පොලිසිය සමත් විය. මෙවර තරගාවලියේදී පොලිසිය ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය. 

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-10 ක් ලෙස පෙරමුණ ගත් පොලිස් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 20 ක් එක්කර ගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 12  ක් රැස්කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, පොලිසිය පසුකර යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. 

පොලිසිය ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, ගුවන් හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. එහිදී පොලිසියේ සමීර ජයසිංහ (60 වැනි විනාඩියේදී) සහ හිරන්ත පෙරේරාද (70 වැනි විනාඩියේදී), ගුවන් හමුදාවේ පත්මසංක ප්‍රමෝද්ද (75 වැනි විනාඩියේදී) විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

පොලිසිය වෙනුවෙන් දේෂාන් ප්‍රනාන්දු 17 වැනි විනාඩියේදීද, විහඟ පිවිතුරු 26 වැනි විනාඩියේදීද, මතීෂ පෙරේරා 50 වැනි විනාඩියේදීද, ආකාෂ් මධුසංඛ 55 වැනි විනාඩියේදීද, සමීර ජයසිංහ 80 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ශවීන් ජයවර්ධන සමත් විය. 74 වැනි විනාඩියේදී පොලිසියට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ ප්‍රින්ස් චාමර විසිනි. 

ගුවන් හමුදාව වෙනුවෙන් පරාක්‍රම රත්නායක 38 වැනි සහ 63 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් ලබගත් අතර හසිඳු ප්‍රේමසිරි උත්සාහක දිනුමක් වාර්තා කළේ 78 වැනි විනාඩියේදීය. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් මෙන්ම 9 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට ගයාන් ඉද්දමල්ගොඩ සමත් විය.  


අදහස් (0)

පොලිස් ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.