Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ප්‍රංශය දෙවැනි ජයත් ලබාගනී
ලෝක කුසලාන රග්බි

ප්‍රංශය දෙවැනි ජයත් ලබාගනී

editorial - 2023 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද අලුයම පැවැති තරගයකදී උරුගුවේ පිල ලකුණු 27-12 කින් පරාජය කළ ප්‍රංශ ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය අත්පත් කරගත්හ. සිය ප්‍රබලතම ක්‍රීඩකයන් බංකුවේ තබා පැමිණි ප්‍රංශ කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් තරමක් වෙහෙසීමට සිදුවිය.

ප්‍රංශය වෙනුවෙන් ලෝක කුසලාන තරගයකට පිවිසි ලාබාලතම ක්‍රීඩකයා වන ලුවිස් බෙලි-බියාරි ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය වීමත් සමගින් ප්‍රංශ ජයග්‍රහණය තහවුරු විය.

තරගයේ ආරම්භයේදීම, මෙල්වින් ජැමිනට් ලබාගත් දඬුවම් පහර නිසා ප්‍රංශ ක්‍රීඩකයෝ තුන්වැනි විනාඩියේදීම ඉදිරියට ගියහ. විනාඩි දෙකක් යන්නටත් මත්තෙන් උරුගුවේ ක්‍රීඩක නිකොලස් ෆ්‍රෙයිටාස්ගේ උත්සාහ දිනුමත් සමගින් ප්‍රංශය පස්සට ගියේ 49,000 කට අධික නරඹන්නන් තක්කු මුක්කු කරමිනි. එසේ වුවත් ඇන්තනි හැස්ටෝයි උත්සාහක දිනුමක් සාර්ථක කරගනිමින් ප්‍රංශය ඉදිරියට ගත්තේය. මෙල්වින්ගෙන් අතිරේක ලකුණු එක්වීම නිසා ලකුණු 10-5 ක් ලෙසින් ප්‍රංශය ඉදිරියේ සිටියේය.

ලකුණු 13-05 ක් ලෙසින් ප්‍රංශය පෙරමුණේ සිටියදී තරගයේ පළමු අර්ධය නිමා විය.

තරගයේ 53 වැනි විනාඩියේදී බල්තසාර් අමායා ලබාගත් උත්සාහ දිනුමට අතිරේක ලකුණු එකතු වීම නිසා උරුගුවේ පිල 13-12 ලෙසින් ප්‍රංශයට ආසන්න විය. පසුව වාර්තා වූ උත්සාහක දිනුම් දෙකටම  මෙල්වින්ගෙන් අතිරේක ලකුණු එකතුවීම හේතුවෙන් ප්‍රංශයට ලකුණු 27-12 ක ජයක් හිමිවිය.

- 213


අදහස් (0)

ප්‍රංශය දෙවැනි ජයත් ලබාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.