Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන රග්බි - 2023

ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2023 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාලිය හමුවේ ලකුණු 60-07 ක දැවැන්ත ජයක් ලබාගත් ප්‍රංශය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. උත්සාහක දිනුම් දෙකක් ලබාගත් ඬේමියන් පීනෝ ප්‍රංශය වෙනුවෙන් කදිම මෙහෙවරක් කරමින් පන්දුව රැගෙන දිවයාමේදී විශිෂ්ට දස්කම් දැක්වීය. 

ප්‍රංශය උත්සාහක දිනුම් 8 ක් ලබාගත් අතර ඒවායින් හතක්ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කරන ලදි. තෝමස් රාමෝස් ප්‍රවර්ථන 6 ක් සාර්ථක කරගත් අතර මෙල්වින් ජැමිනෙට් අනෙක් ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය. දෙදෙනාම තවත් දඬුවම් පහරක් බැගින් ද සාර්ථක කරගනිමින් ප්‍රංශ පිලට ලකුණු එකතු කළහ. 

තරගය නිමා වීමට විනාඩි 8 ක් පමණ තිබියදී ඉතාලිය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම මැනුවෙල් සුලියානි තැබීය. තෝමස් ඇලන් එය ප්‍රවර්ථනය කළ බැවින් ඉතාලියට ලකුණු 07 ක් ලැබිණ. 

මෙම ජයත් සමගින් ප්‍රංශය ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ සහභාගි වූ තරග 4 න් හතරම ජයගනිමිනි. ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රංශය දකුණු අප්‍රිකානුවන් හමුවනු ඇත. 

තරගය ආරම්භ වී විනාඩි දෙකක් ඇතුළත ඬේමියන් පීනෝ විසින් පළමු උත්සාහක දිනුම තබන ලදි. තෝමස් රාමෝස් එය ප්‍රවර්ථනය කළ අතර එතැන් සිට සම්පූර්ණ තරගයම ප්‍රංශ ක්‍රීඩකයන්ගේ අණසකට යටත් වී තිබිණ. 


- 213


අදහස් (0)

ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.