Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ප්‍රංශ නායකයා හක්ක තලාගනී
ලෝක කුසලාන රග්බි - 2023

ප්‍රංශ නායකයා හක්ක තලාගනී

editorial - 2023 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නැමීබියාවට එරෙහිව ලබාගත් වාර්තාගත ජයග්‍රහණයේ දී ප්‍රංශ නායක අන්තෝනි ඩියුපොන්ට් මුහුණේ අස්ථි බිඳීමකට ලක් වී තිබේ. කෙසේ වෙතත් ඔහු තවමත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර නොමැති බව ප්‍රංශ රග්බි සම්මේලනය සිකුරාදා (22 වැනිදා) නිවේදනය කළේය.

බ්‍රහස්පතින්දා පැවැති තරගයේ 46 වැනි මිනිත්තුවේදී නැමීබියාවේ නායක ජොහාන් ඩේසීල්ගේ හිසේ වැදීම නිසා ප්‍රංශයේ සාර්ථකම ස්ක්‍රම්-හාෆ් ක්‍රීඩකයා වේදනාවෙන් මිරිකෙමින් පිටියෙන් පිටව ගියේය.තම මව්බිමේදී පැවැති ටෙස්ට් තරග 14 කදී ප්‍රංශයට නායකත්වය දුන් ඩියුපොන්ට්, ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඒ අවස්ථාවේදීම මර්සේල්හි රෝහලට ගෙන යන ලදී.

“ඔහු සුවය ලබාගැනීම සඳහා කොපමණ කාලයක් ගතකරාවිද කියලා අපි ශල්‍ය වෛද්‍ය විශේෂඥයන්ගෙන් උපදෙස් ඉල්ලලා තියෙනවා” යයි ප්‍රංශ රග්බි සම්මේලනය වැඩිදුරටත් නිවේදනය කළේය.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේදී තරග 3 කින් තුනම ජයගෙන සිටින ප්‍රංශය සිය අවසන් මූලික වටයේ තරගයේදී ඉතාලියට එරෙහිව තරග වදී. එම තරගය ඔක්තෝබර් 6 වැනිදා ලියොන්හිදී පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය වාර්තා පැවසුවේ 26 හැවිරිදි ඩියුපොන්ට්ට මාසයක පමණ කාලයක් පැත්තකට වී සිටීමට සිදුවන බවයි. එයින් අදහස් කෙරෙන්නේ ඔහුට ඉතාලියට එරෙහි තරගය පමණක් නොව ඔක්තෝබර් 14-15 සති අන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයද අහිමි වනු ඇති බවයි.

නැමීබියාවේ පුහුණුකරු ඇලිස්ටර් කොයිට්සි කීවේ ඩියුපොන්ට් සහ තම නායකයා අතර ඇති වූ ගැටුම “අවාසනාවන්ත අනතුරක්” බවයි. එහෙත් මුලින්ම කහ කාඩ්පතක් පෙන්වා විනිසුරුවරයා ඩේසිීල්ට අවවාද කළ නමුත් පසුව රතු කාඩ්පත පෙන්වා ඩේසීල්ව පිටියෙන් පිටමං කළේය.

නැමීබියාව එතරම් ලොකු යමක් කළ හැකි රග්බි කණ්ඩායමක් නොවේ. ලෝක කුසලාන තරඟාවලි 7 කදී තරඟ 25 කට සහභාගි වී ඇතත්, නැමීබියාව තවමත් ලෝක කුසලාන තරඟයක් ජයග්‍රහණය කර නැත.

“සිදුවීමේ පුනරූපනය නරඹන විට, විනිසුරුවරයා ගන්නා තීරණය අපි දැනගෙන හිටියා. ඒත් ටෝටෝගේ (අන්තෝනි ඩියුපොන්ට්ගේ) තත්ත්වය ගැන අපට කිසිම අදහසක් තිබුණේ නෑ.”

“ඔහු පූර්වාරක්ෂාවක් වශයෙන් පිටියෙන් ඉවත්ව යනවා කියලයි අපි හිතන් හිටියේ. ඔහුගේ ආබාධය කොයි තරම් බරපතළද කියලා අපි දැනගෙන හිටියේ නෑ” යයි ප්‍රංශ ක්‍රීඩක ක්‍රොස් කීවේය.

කෙසේ වෙතත් ප්‍රංශය පැහැදිලිවම ජයග්‍රහණය කිරීමට නියමිත තරගයකදී පළමු අර්ධයෙන් පසුව ඩියුපොන්ට් වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ නොකළේ මන්ද යයි ප්‍රංශ පුහුණුකරු ගැල්ති තරගයෙන් පසුව දහසකුත් එකක් ප්‍රශ්නවලට මුහුණ දුන්නේය.

“ඔබට මා කියන්නට අවශ්‍ය දේ කුමක්ද?”
“ක්‍රීඩකයින් 14 දෙනෙක් පළමු අර්ධය අවසානයේදී ඉවත් කරන්න බෑ. අපගේ සැලසුම වූයේ පළමු අර්ධය අවසානයේදී අංක 1, 3 සහ 5 ආදේශ කිරීමයි. පස්සේ, 55 වන මිනිත්තුවේදී තවත් කෙනෙක්” යය පුහුණුකරු ගැල්ති වාර්තාකරුවන්ට පැවසීය.

- 213


අදහස් (0)

ප්‍රංශ නායකයා හක්ක තලාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.