Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby පළඟ ශූරතාවලිය හෙට ඇරඹේ

පළඟ ශූරතාවලිය හෙට ඇරඹේ

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවලිය හෙට (25 වැනිදා) ආරම්භ වීමට නියමිතය. පළඟ ශූරතාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදාවට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හෙට පස්වරු 4.15 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. 

තරගාවලියේ මූලික අදියර සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර එහිදී ලීග් ක්‍රමයට තරග පැවැත්විණ. ඒ අනුව සෑම කණ්ඩායමක්ම මූලික අදියරේදී තරග 7 කට බැගින් සහභාගි වූහ. එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණ සහ පරාජයන් අනුව දෙවැනි අදියරේදී කුසලාන සහ පළඟ ලෙස වට දෙකකට වෙන් කෙරිණ. 

මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ගුවන් හමුදාවට පළඟ වටය යටතේ තරග වැදීමට සිදුවිය. නාවික හමුදාව, යුද හමුදාව සහ සී.ආර්. ක්‍රීඩා සමාජය පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි, හත්වැනි සහ අටවැනි ස්ථානවලට පත්වූහ. 

තරගාවලියේ අවසන් සතිය දක්වාම ගුවන් හමුදාවට කුසලාන වටය යටතේ තරග වැදීමට අවස්ථාව පැවතියද, අවසන් සතියේ පැවැති තරගයකදී යුද හමුදාව පරාජය කරමින් පොලිසිය ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීම හේතුවෙන් ගුවන් හමුදාවට එම අවස්ථාව අහිමිවී ගියේය. 

මූලික වටයේදී සහභාගි වූ තරග 7 න් තරග 3 ක් ජයගැනීමට සමත් වූ ගුවන් හමුදාව ලකුණු 17 ක් ලබාගත් අතර තරග 2 ක් ජයගැනීමට සමත්වූ නාවික හමුදාව ලකුණු 14 කට හිමිකම් කීවේය. යුද හමුදාවට සහ සී.ආර්. ක්‍රීඩා සමාජයට ජයගත හැකි වූයේ එක් තරග බැගින් පමණක් වීම හේතුවෙන් එම කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් ලබා සිටියහ. 

පළඟ වටයේ කාල සටහන 
මාර්තු 25 - ගුවන් හමුදාව සහ සී.ආර්. ක්‍රීඩා සමාජය අතර රත්මලානේදී 
මාර්තු 26 - නාවික හමුදාව සහ යුද හමුදාව අතර වැලිසරදී 
අප්‍රේල් 01 - යුද හමුදාව සහ ගුවන් හමුදාව අතර හැව්ලොක් පිටියේදී 
අප්‍රේල් 02 - සී.ආර්. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර ලොන්ඩන් පෙදෙසේදී 
අප්‍රේල් 08 - සී.ආර්. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ලොන්ඩන් පෙදෙසේදී
අප්‍රේල් 09 - නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර වැලිසරදී 


අදහස් (0)

පළඟ ශූරතාවලිය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.