Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ හැව්ලොක්ස්ට සටනක් දී පරදිති
අන්තර් සමාජ රග්බි ලීගය

නාවිකයෝ හැව්ලොක්ස්ට සටනක් දී පරදිති

editorial - 2024 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ හත්වැනි සතිය යටතේ ඊයේ (19 වැනිදා) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 39-26 ක ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් විය. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමටද හැව්ලොක් කණ්ඩායමට හැකි විය. 

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 29-07 ක් ලෙස පෙරමුණ ගත් හැව්ලොක් ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 10 ක් ලබාගත්හ. දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් ලබාගැනීමට නාවික හමුදා ක්‍රීඩකයන් සමත් වුවද, පළමු අර්ධ අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව තරගයේ ජය හැව්ලොක් කණ්ඩායමට හිමිවිය. 

හැව්ලොක් කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගනිද්දී, නාවික හමුදා කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගිනි. එහිදී හැව්ලොක් කණ්ඩායමේ ඔලිවර් බක්ල් (36 වැනි විනාඩියේදී) සහ සෙනාල් දීලකද (80 වැනි විනාඩියේදී), නාවික හමුදාවේ සවිරු නිම්ෂික (30 වැනි විනාඩියේදී) සහ අමිත් මධුෂංකද (76 වැනි විනාඩියේදී), විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. 

හැව්ලොක් කණ්ඩායම වෙනුවෙන් ඔලිවර් බක්ල් 5 වැනි විනාඩියේදීද, නිපුල් අතුකෝරල 15 වැනි විනාඩියේදීද, සුදේෂ් ජයවික්‍රම 24 වැනි විනාඩියේදීද, ජයතු රාජරත්න 40 වැනි විනාඩියේදීද, උදාර ජයපයියා 60 වැනි විනාඩියේදීද, ස්ටෙෆාන් සිවරාජ් 66 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. 

ස්ටෙෆාන් ග්‍රෙගරි 72 සහ 80 වැනි විනාඩිවලදීද, කවීෂ අමරසේකර 39 වැනි විනාඩියේදී සහ ළහිරු හේරත් 48 වැනි විනාඩියේදීද නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලබුවේ ඉෂාර ඉමංක විසිනි. 

 


අදහස් (0)

නාවිකයෝ හැව්ලොක්ස්ට සටනක් දී පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.