Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ යුද හමුදාවට බැට දෙති
අන්තර් සමාජ රග්බි ලීගය

නාවිකයෝ යුද හමුදාවට බැට දෙති

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළඟ වටය යට‍තේ නාවික හමුදාව සහ යුද හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරග‍යෙන් ලකුණු 22-06 ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.

ගෝල දිනුම් 2 ක් සහ උත්සාක දිනුමක් සමග ලකුණු රැස්කළ නාවික හමුදා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-06 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. යුද හමුදාව පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් සමගිනි. 32 වැනි සහ 39 වැනි විනාඩිවලදී තරිඳු මධුෂාන් හෙට්ටිආරච්චි යුද හමුදාව වෙනුවෙන් එම දඬුවම් පහර 2 සාර්ථක කරගත්තේය.

අදීෂ ‍වීරතුංග (10 වැනි විනාඩියේදී), රදීෂ සෙනෙවිරත්න (17 වැනි විනාඩියේදී) සහ නිරොෂන් පෙරේරා (29 වැනි විනාඩියේදී) නාවික හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් පළමු සහ දෙවැනි උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් ඒවා ගෝල බවට පත්කිරීමට ස්වීවන් සැන්සෝනි සමත් විය.

දෙවැනි අර්ධයේදී යුද හමුදාවට ලකුණු ලබාගැනීමට ඉඩක් නොදුන් නාවිකයෝ දඬුවම් පහරක් මගින් සිය ලකුණු සංඛ්‍යාව 22 ක් දක්වා ඉහළ දමාගත්හ. 46 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමිවූ එම දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේද ස්වීවන් සැන්සෝනි විසිනි.

යුද හමුදා කණ්ඩායමේ චාමීර සිල්වා තරග‍යේ 6 වැනි විනාඩියේදීද, නාවික හමුදාවේ ජනිත් ලක්සර සහ දිනේෂ් ලක්මාල් පිළිවෙලින් 69 වැනි සහ 76 වැනි විනාඩිවලදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. තරගය තුළදී නාවික හමුදා කණ්ඩායම ක්‍රීඩක අ‍ාදේශ කිරීම් 8 ක්ද, යුද හමුදා කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද සිදු කළහ. 

 


අදහස් (0)

නාවිකයෝ යුද හමුදාවට බැට දෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.