Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නාවිකයෝ දෙවැනි වරටත් ගුවන් හමුදාවට පරදිති
රග්බි ලීගය

නාවිකයෝ දෙවැනි වරටත් ගුවන් හමුදාවට පරදිති

editorial - 2024 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළඟ වටය යටතේ ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (10 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 41-14 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම තරගාවලියේදී නාවික හමුදාව ගුවන් හමුදාව හමුවේ පරාජය වූ දෙවැනි අවස්ථාව මෙය විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ ගුවන් හමුදා ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 15 ක් එක්කර ගත්හ. නාවික හමුදාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. එහිදී ගුවන් හමුදාව ගෝල දිනුම් 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර නාවික හමුදාව ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් මගිනි. 

ගුවන් හමුදාව වෙනුවෙන් නිර්මාල් වික්‍රමසිංහ (6 වැනි විනාඩියේදී), ශාමික කෞෂාන් (11 වැනි විනාඩියේදී), කවිෂ රුචිරත්න (27 වැනි විනාඩියේදී), රුමේෂ් වසන්ත (37 වැනි විනාඩියේදී), සුදත් බණ්ඩාර (70 වැනි විනාඩියේදී) සහ ජේසන් කරුණාරත්න (76 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 4 ක ප්‍රවර්ථනයන් මෙන්ම 66 වැනි විනාඩියේදී ගුවන් හමුදාවට හිමිවූ දඬුවම් පහරද සාර්ථක කරගැනීමට පත්මසංක ප්‍රමෝද් සමත් විය. 

නාවික හමුදාව වෙනුවෙන් ස්ටීවන් ග්‍රෙගරි 32 වැනි විනාඩියේදීද, අනුෂ්ක රමේෂ් 43 වැනි විනාඩියේදීද උත්සාහක දිනුම් ලබාගත් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ ඉෂාර ඉමංක සහ ඉසුරු කෝන්ගහවත්ත විසිනි. 

එහිදී නාවික හමුදාවේ ඈපා ප්‍රමුදිත් (25වැනි විනාඩියේදී) සහ චිරන්ත කළුආරච්චි (35 වැනි විනාඩියේදී) ද, ගුවන් හමුදාවේ උදේෂ් මධුෂංක (53 වැනි විනාඩියේදී) සහ ඉසුරු ජයරත්න (67 වැනි විනාඩියේදී) ද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. 

 


අදහස් (0)

නාවිකයෝ දෙවැනි වරටත් ගුවන් හමුදාවට පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.