Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ අද (16 වැනිදා) රත්මලානේ පැවැති තරගයේදී නාවික හමුදා කී‍්‍රඩකයෝ ලකුණු 22-8 ක පහසු ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් නාවික හමුදාව මෙම තරගාවලියේ පළමු වටයේදී සිය අපරාජිත බව රැකගැනීමට සමත් වූහ.
නාවික හමුදා පිල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත්තේය. ගුවන් හමුදා පිල උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස්කරගත්තේය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට නාවික හමුදා පිල ලකුණු 05-03 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටියේය. තරගයේ වීරයා ලෙස නාවික හමුදාවේ දුලංජන විජේසිංහ සම්මාන ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.