Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තයට 96-17 ක දැවැන්ත ජයක්
ලෝක කුසලාන රග්බි - 2023

නවසීලන්තයට 96-17 ක දැවැන්ත ජයක්

editorial - 2023 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව ඉතාලියේ ස්ථානය 11 වූවත්, ඒ ගැන තඹයකුදු මායිම් නොකළ නවසීලන්ත කණ්ඩායම ප්‍රංශයේ ලියොන් නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති ලෝක කුසලාන රග්බි තරගයකදී ඉතාලිය හමුවේ උත්සාහක දිනුම් 14 ක් තැබූහ. එම උත්සාහක දිනුම් 14 න් 13 ක්ම ප්‍රවර්ථනය කරගත් නවසීලන්තයේ ‘කළු කමිසකාරයෝ’ ලකුණු 96-17 කින් ඉතාලිය පරාජය කළහ. 

ඉතාලිය ගෝල දිනුම් දෙකකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්තේය. 

මෙම දැවැන්ත ජයත් සමගින් දෙවැනි අතිරේක ප්‍රසාද ලකුණත් හිමිකරගත් නවසීලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට පැනගත්තේය. 

ප්‍රංශය, නවසීලන්තය, ඉතාලිය, උරුගුවේ සහ නැමීබියාව යන රටවල් පහ තරග කරන ‘ඒ’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලබාගන්නේ කණ්ඩායම් 2 ක් පමණි. තවත් තරගයක් බැගින් ඉතිරිව තිබියදීත්, ප්‍රංශය සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක අත්පත් කරගෙන සිටිති.  

නවසීලන්තයේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ඒරන් ස්මිත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සම්පූර්ණ කළ අතර සෑම් වයිට්ලොක් වාර්තාගත 149 වැනි වතාවටත් නවසීලන්තයේ කළු කමිසයෙන් සැරසී පිටියට පිවිසියේය. 

නවසීලන්ත නායක ඇන්ඩි්‍ර සවීවා, වින්ග් ත්‍රී ක්‍රීඩක විල් ජෝර්ඞ්න් සහ අදේශක ඬේන් ක්ලෝස් උත්සාහක දිනුම් දෙකක් බැගින් ලබාගත්හ. තරගයේ වාඩාත්ම සාර්ථක ක්‍රීඩකයා වූ රිචී මෞන්ගා උත්සාහක දිනුම් 14 න් 9 ක්ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළ අතර තවත් උත්සාහක දිනුම් 4 ක් ඬේමියන් මැකෙන්සි විසින් ප්‍රවර්ථනය කරන ලදි. 

“අපි ලඟ දක්ෂ කොල්ලෝ ඕනෑ තරම් ඉන්නවා. අපි නිදහසේ ක්‍රීඩා කළා.... මට ඕනෑ මගේ කොල්ලෝ නිදහසේ ක්‍රීඩා කරනවා බලන්නයි” යයි ජයග්‍රහණයෙන් පසුව නවසීලන්ත නායක ආර්ඩි සවීවා පැවසීය.

1999 ලෝක කුසලාන තරගාවලියේදී කළ, ලකුණු 101-3 ක අනුකම්පා විරහිත තලාදැමීමකින් පසුව කළු කමිසකාරයන් ඉතාලියට එරෙහිව ලැබූ දෙවන විශාලතම ජයග්‍රහණය එය විය.

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ප්‍රංශය හමුවේ අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දුන් නමුත්, නවසීලන්තය මේ වන විට නැමීබියාවට සහ ඉතාලියට එරෙහිව උත්සාහක දිනුම් 25 ක් ද සහිතව ලකුණු 167 ක් ලබාගෙන තිබේ. නවසීලන්තය සහ උරුගුවේ අතර තරගය ලබන සතියේ පැවැත්වීමට නියමිතය.

- 213


අදහස් (0)

නවසීලන්තයට 96-17 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.