Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන රග්බි - 2023

නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2023 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අපහසුවකින් තොරවම සිය ඉලක්කය කරා අවතීර්ණ වූ නවසීලන්ත ක්‍රීඩකයෝ බ්‍රහස්පතින්දා (05 වැනිදා) උරුගුවේ පිලට එරෙහිව පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී උත්සාහක දිනුම් 11 කින් තම තරගය සරසා ගත්හ. මෙම තරගයේදී ලබාගත් ලකුණු 73-0 ක ජයක් සමඟින් නවසීලන්තය රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ඒ වෙනුවෙන් අවශ්‍යව තිබූ ප්‍රසාද ලකුණත් එකතු කරගනිමිනි.

ඕල් බ්ලැක්ස් හෙවත් නවසීලන්ත පිල වෙනුවෙන් ෆුල්-බැක් ක්‍රීඩක ඬේමියන් මැකෙන්සි එක් එක් අර්ධයකදී උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගත් අතර තවත් උත්සාහක දිනුමක් කරා දිවයමින් සිටි මැකෙන්සි, තමන්ට පසුපසින් පැමිණි විල් ජෝර්ඩන්ට පන්දුව පිරිනැමූ ආකාරය අති විශිෂ්ට විය. උරුගුවේ ක්‍රීඩකයන් මුළා කරමින් මැකෙන්සි පන්දුව පිරිනැමූ ආකාරයෙන් ජොර්ඞ්න් ඔහුගේ උත්සාහක දිනුම් දෙකෙන් පළමුවැන්න ලබාගත්තේය. 

රිචී මවුන්ගා උත්සාහක දිනුම් 5 ක් ම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය කළේය. මේ සියල්ල අතරවාරයේදී උරුගුවේ පිලට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය. 

“අපි එන්න ඕන තැනට ඇවිත් තියෙනවා. දැන් අපිට හොඳින් සූදානම් වෙලා අර්ධ අවසන් පූර්ව වටයට යන්න ඕන. එන සතිය ගැන මම ආශාවෙන් බලා සිටිනවා” යයි තරගයේ වීරයා වූ මැකෙන්සි පැවසීය. 

ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම ප්‍රංශය හමුවේ පරාජය වූ නමුත් නවසීලන්තය ඉන් අනතුරුව සහභාගි වූ තරග තුනේදීම ජයගත්තේය. මූලික වටයේ තරග 4 කදී ලකුණු 253 ක් ලබාගත් කළු කමිසකාරයන් හමුවේ ප්‍රතිවාදීන්ට ලබාගත හැකිව ඇත්තේ ලකුණු 47 කි. 

නවසීලන්තය ලබාගත් ලකුණු සහ දුන් ලකුණු අතර පරතරය 206 ක් වන අතර එම වර්ගීකරණය හමුවේ ‘ඒ’ කණ්ඩයේ කණ්ඩායම් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ද නවසීලන්තයයි. 

ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ සිටින ප්‍රංශය සතු ලකුණු වෙනස 125 කි. 

කෙසේ වෙතත් අද (සිකුරාදා) රාත්‍රියේ ප්‍රංශය සහ ඉතාලිය අතර තරගයෙන් පසුව ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව නවසීලන්තයේ ස්ථානය අංක 1 ද නැතහොත් අංක 2 ද යන්න තීරණය වනු ඇත. 

මේ අතර නවසීලන්තයේ ලොක් ෆෝවර්ඞ් ක්‍රීඩක සෑම් වයිට්ලොක් ලෝක කුසලාන තරග 23 කට ක්‍රීඩා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීය. නවසිලන්තයේම හිටපු නායක රිචී මැකෝ සහ එංගලන්තයේ ජේසන් ලෙනාර්ඞ් ලෝක කුසලාන තරග 22 ක පැරණි ලෝක වාර්තාවට හිමිකම් කියූහ. 

- 213


අදහස් (0)

නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.