Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby තෝමසුවෝ විද්‍යා විදුහල පරදවති

තෝමසුවෝ විද්‍යා විදුහල පරදවති

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ලොන්ඩන් පෙදෙසේදී පැවැති තරගයේදී ලකුණු 20-12 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කිරීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සමත් විය.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 12-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 8 ක් එක් කළහ. දෙවැනි අර්ධයේදී ලකුණු 12 ක් ලබාගැනීමට විද්‍යා විදුහල සමත් වුවත් තරගය ජය ගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවීය.

සාන්ත තෝමස් විදුහල ගෝල දිනුමකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර විද්‍යා විදුහල ගෝල දිනුමකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය.


- 036

 


අදහස් (0)

තෝමසුවෝ විද්‍යා විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.