Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති

ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති

editorial - 2025 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 24-15 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. 

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-10 ක් ලෙස ත්‍රිත්ව විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ත්‍රිත්ව විදුහල ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින්ද, සාන්ත තෝමස් විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්තේය. 

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 7 ක් එක්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වෙද්දී, සාන්ත තෝමස් විදුහලට උත්සාහක දිනුමක් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ත්‍රිත්ව විදුහලට ලකුණු 9 ක ජයක් හිමි විය. 

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ඉවත් වීම හේතුවෙන් පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී නිතරග ජයක් ලැබූ මරදාන සහිරා විදුහලට එරෙහිව ත්‍රිත්ව විදුහල එළබෙන 9 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. 

 


අදහස් (0)

ත්‍රිත්ව ක්‍රීඩකයෝ සාන්ත තෝමස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.