Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ දෙවැනි සතියේ තරග ආරම්භ කරමින් හැව්ලොක්ස් පිටියේදී අද (05) පැවැති තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහල් පිල ලකුණු 30-25 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පරාජය කළේය.
ත්‍රිත්ව විදුහල පිල මෙවර තරගාවලියේ තරග හතකදී ලැබූ හයවැනි ජය මෙය වේ.
මෙහිදී ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ගෝලයකින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළහ. ශාන්ත ජෝශප් විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
ශාන්ත ජෝශප් විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-15 ක් පෙරමුණේ පසුවූ අතර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.
දෙවැනි සතිය යටතේ තවත් තරග තුනක් හෙට (06) පැවැත්වේ.
වෙස්ලි විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර තරගය සී. ආර්. පිටියේදීද සහිරා විදුහල සහ රාජකීය විදුහල අතර තරගය මරදානේදීද ඉසිපතන විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර තරගය හැව්ලොක්ස් පිටියේදීද අද පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.