
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ අවසන් සතිය ආරම්භ වීමටත් පෙරාතුවම එහි පළඟ ශූරතාව තමන් සතුකර ගැනීමට පොලිස් ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ අනුව පළඟ ශූරතාව යටතේ සෙනසුරාදා (17 වැනිදා) ගුවන් හමුදාවට එරෙහිව පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද පොලිසිය මෙවර තරගාවලියේ පළඟ ශූරයන් කිරුළු පළදිනු ඇත.
මූලික වටයේදී සහභාගි වූ තරග 7 න් 3 ක් පමණක් ජයගැනීම හේතුවෙන් පොලිසියට මෙවර තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවිය. දෙවැනි වටයේදී ලකුණු 42-37 ක් ලෙස යුද හමුදාවට එරෙහිව තියුණු ජයක්ද, ලකුණු 37-07 ක් ලෙස නාවික හමුදාවට එරෙහිව පහසු ජයක්ද වාර්තා කරමින් පොලිසිය පළඟ ශූරතාවට ළඟා විය.
පොලිසිය සහ ගුවන් හමුදාව අතර තරගය සෙනසුරාදා පස්වරු 4.15 ට රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පළඟ ශූරතාව යටතේ පැවැත්වෙන තවත් තරගයක් අද (16 වැනිදා) යුද හමුදාව සහ නාවික හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගය පස්වරු 4.15 ට ආරම්භ වීමට නියමිතය.
පළඟ ශූරතාව යටතේ පැවැත්වෙන තරග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.