Last Update  :  2025-05-06 14:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඩී. එස්. - වේල්ස් කුමර විදුහල් දෙකටම වාරණයක්

ඩී. එස්. - වේල්ස් කුමර විදුහල් දෙකටම වාරණයක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 20 පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ වලට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කණ්ඩායම් සහභාගී කර නොගන්නා ලෙසට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයට නියෝග කරමින් ඊයේ (17) වාරණයක් නිකුත් කළේය.

කොළඹ දිසා අධිකරණය විසින් ලබන 22 වැනිදා දක්වා බලපැවෙත්වෙන පරිදි මෙම වාරණය නිකුත් කළේය.
කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම වාරණය නිකුත් කරන ලදී.

මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවේ කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති ,එම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් සලකා බලමිනි.

මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලන සංගමයේ සභාපති හා එහි ප්‍රධාන ලේකම්වරයා නම් කරනු ලැබි තිබිණි.

ගොනු කළ පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ.

ඉකුත්දා පැවති පළමුපෙළ වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගයේ අවසන් වටයට තෝරා ගැනීමේ තරගයක් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා බොරැල්ල සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය අතර පැවැත්විණි. ඉන් කන්නන්ගර විද්‍යාල ජයග්‍රහණය කරමින් ලකුණු පහක් හිමිකර ගනු ලැබීය. නමුත් කන්නන්ගර විද්‍යාලීය කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර සුදුසුකම් නොමැති ක්‍රීඩකයින් සිටින බව දැන ගන්නට ලැබීමත් සමඟ එම විද්‍යාලයට ලබා දුන් ලකුණු පහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වූ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ප්‍රදානය කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර තිබේ.

මෙලෙස ලකුණු 5 ක් ප්‍රදානය කිරීම නිසා වේල්ස් කුමර කණ්ඩායම  පළමුපෙළ වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගයේ ඒ කාණ්ඩයට අයත් පාසල් 4 ට තේරී පත්ව ඊට සුදුසුකම් ලබා සිටින කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලීය කණ්ඩායමට ඉවත් වීමට සිදුව තිබේ.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලන සංගමයේ රග්බි ව්‍යවස්ථාවට අනුව එලෙස සුදුසුකම් රහිත ක්‍රිඩකයින් ඇතුළත්ව පාසල් රග්බි තරගයක් පැවැත්වූයේ නම් අදාළ විද්‍යාලීය රග්බි කණ්ඩායම් අතර යළිත් තරඟයක් පවත්වා සුදුස්සන් තෝරා ගත යුතු වේ. නමුත් එසේ තිබියදී වේල්ස් කුමර විද්‍යාලයට මෙලෙස ලකුණු ප්‍රදානය කිරීම නීතිවිරෝධී බව පැමිණිලිකරුවෝ පෙන්වා දෙති.

එබැවින් පළමුපෙළ වයස 20 න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඉදිරි තරග වලට ඩී.එස් සේනානායක විද්‍යාලය හෝ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහභාගී කර නොගන්නා ලෙසට නියෝග කරමින් වාරණයක් නිකුත් කරන ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.

පැමිණිල්ලෙන් ඉල්ලා තිබූ කරුණු සලකමින් කොළඹ දිසා විනිසුරුවරයා විසින් මෙම වාරණය ඒකපාර්ශවීය ලෙස ලබා දුන් අතර වග උත්තරකාර ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට හා ප්‍රධාන ලෙක්ම්වරයාට ලබන බදදා (22) අධිකරණය හමුවේ පෙනී සිටින බව දන්වමින් නොතීසි නිකුත් කරන ලදී.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

 


අදහස් (0)

ඩී. එස්. - වේල්ස් කුමර විදුහල් දෙකටම වාරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.