Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජොනී සෙක්ස්ටන් වාර්තා පොතට
ලෝක කුසලාන රග්බි - 2023

ජොනී සෙක්ස්ටන් වාර්තා පොතට

editorial - 2023 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)

ටොංගා රාජ්‍යය පරාජය කරමින් අයර්ලන්තය ලබාගත් 59-16 ක දැවැන්ත ජයත් සමගින් අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් රග්බි ‘ටෙස්ට්’ ක්‍රීඩකයා වශයෙන් ජොනී සෙක්ස්ටන් වාර්තා පොතට එක්විය. ලෝක කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් වූ අයර්ලන්තය සහ ටොංගා අතර තරගය ප්‍රංශයේ නැන්ටීස් නුවර, ලා බියුජෝරි ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැත්විණ.

38 හැවිරිදි ජොනී සෙක්ස්ටන්, මේ දක්වා අයර්ලන්තය වෙනුවෙන් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1090 කි. එය පැරණි වාර්තාවේ හිමිකරුවා වූ රොනන් ඕ’ගාරා ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 07 කින් ඉක්මවා යාමකි.

ඊයේ තරගයේ 38 වැනි විනාඩියේදී අයර්ලන්තය වෙනුවෙන් උත්සාහක දිනුමක් තැබූ සෙක්ස්ටන්, 22, 28, 34 සහ 39 වැනි විනාඩි වලදී ප්‍රවර්ථන හතරක් ම සාර්ථක කරගත්තේ හත්වැනි විනාඩියේදී දඬුවම් පහරකින් අයර්ලන්ත ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.

තරගය ප්‍රංශයේදී පැවැති නමුත්, 15,000 කට අධික තමන්ගේම රග්බි ලෝලීන් පිරිසක් හමුවේ අයර්ලන්තය උත්සාහක දිනුම් 8 ක් ලබාගත්තේය. එම උත්සාහක දිනුම් 8 ම ගෝල දිනුම් වශයෙන් ප්‍රවර්ථනය කරන ලද අතර ඒවායින් ලද ලකුණු සංඛ්‍යාව 56 කි. සෙක්ස්ටන් විසින් සාර්ථක කරගන්නා ලද දඬුවම් පහරත් නිසා අයර්ලන්තයේ ලකුණු සංඛ්‍යාව 59 ක් විය. උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ටොංගා රාජ්‍යය ලකුණු 16 ක් ලබාගත්තේය.

විවේක කාලයේදී 31-13 ක් ලෙසින් අයර්ලන්තය ඉදිරියෙන් පසුවිය.

දැවැන්ත ජයක් ලබාගත් නමුත් අයර්ලන්තය ඒ සම්බන්ධයෙන් විශාල උද්දාමයකින් පසු නොවේ. ඔවුන්ගේ ඉලක්කය වන්නේ ලබන 24 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහි පැවැත්වෙන තරගය ජයගැනීමයි.

“ලෝක කුසලාන රග්බි කියන්නේ සතියෙන් සතිය වෙනස් වන එකක්”

“අපි දැන් අවධානය යොමු කරලා තියෙන්නේ ලබන සතියේ තියෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගය වෙතයි” යයි ජොනී සෙක්ස්ටන් තරගයෙන් පසුව කීවේය.

16 වැනි විනාඩියේදී දෙපිලේම ලකුණු සංඛ්‍යාව 3-3 ක් ලෙසින් සමවී තිබුණත් 21 වැනි විනාඩියේදී තාඩි බර්නි ලබාගත් උත්සාහක දිනුමත් සමගින් අයර්ලන්තය ඉදිරියට පැමිණියේය. සෙක්ස්ටන් ඊට අතිරේක ලකුණු එක්කළ අතර එතැන් සිට තරගය අයර්ලන්තයේ ආධිපත්‍යයට නතුවිය.

පන්දුව අතිනන යැවීමේදී සාමාන්‍යයෙන් හොඳ දස්කම් පෙන්වන ටොංගා ක්‍රීඩකයෝ ඊයේ තරගයේදී බොහෝ වැරදි කරගත්හ.


අදහස් (0)

ජොනී සෙක්ස්ටන් වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.