Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ජපානයට 28-22 ක තියුණු ජයක්
ලෝක කුසලාන රග්බි - 2023

ජපානයට 28-22 ක තියුණු ජයක්

editorial - 2023 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රහස්පතින්දා (28 වැනිදා) ටූලූස්හිදී පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී 14 දෙනෙකුගෙන් යුත් සැමෝවා කණ්ඩායම 28-22 ක් ලෙස පරාජය කළ ජපානය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. කෙසේ වෙතත් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් ලබාගැනීමට නම් ජපානය විසින් ‘පූමාස්ලා’ හෙවත් ආර්ජන්ටිනියානු කණ්ඩායම පරාජය කළ යුතුව තිබේ. 

අර්ජන්ටිනාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රග්බි කණ්ඩායමකි. 

“අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා ක්‍රීඩා කිරීමේ අයිතිය ලබා ගැනීමට අප අද පැවැති  ටෙස්ට් තරගය ජයගත යුතුව තිබුණා” යයි ජපානයේ පුහුණුකරු ජැමී ජෝසප් පැවසීය.

‘ඩී’ කාණ්ඩයෙන් ක්‍රීඩා කරන එංගලන්තය (14) සහ ජපානය (09) මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. එහෙත් තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ ආර්ජන්ටිනාව ද අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් සටන් වැදී සිටී. 
“ඒක අපට පිළිමළුන් පිටුදැකීමේ තරගයක් වගේ. ලබන සතියේදී ආර්ජන්ටිනා කණ්ඩායම කෙසේ හෝ පරාජය කිරීමට අපි උත්සාහ කළ යුතුයි”  යයි ජපානයේ ෆුල්-බැක් ක්‍රීඩක ලොමානෝ ලෙමේකි පැවසීය.

සැමෝවා පුහුණුකරු සෙයිලාලා මපුසුවා පැවසුවේ ඔවුන්ගේ අවසන් තරගයේදී එංගලන්තය පරාජය කරමින් ‘ඩී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වීමට හෝ තමන්ට අවශ්‍ය බවයි. එසේ නොවුණහොත් වසර 2027 ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වනු ඇත. 

තරගයේ 13 වැනි විනාඩියේදී පීටර් ලැබුෂේන් ලබාගත් උත්සාහක දිනුමත් සමගින් ජපානය ඉදිරියට ගියේය. 2019 ලෝක කුෂලාන තරගාවලියේදී ජපානයේ නායක්තවය දැරූ නමුත් ලැබුෂේන් දකුණු අප්‍රිකාවේ උපන් ක්‍රීඩකයෙකි. ඔහු ජපානයේ පදිංචිව සිටීමේ පදනම මත ලැබුෂේන් ජපන් කණ්ඩායම නියෝජනය කරයි. 

තරගයේ පළමු අර්ධය නිමාවේදී ජපානය 17-08 ක් ලෙසින් තරගයේ පෙරමුණ තමන් සතුකරගෙන සිටියේය. 

තරගයේ 47 වැනි විනාඩියේදී බෙන් ලෑම් රතු කාඩ්පත පෙන්වා පිටියෙන් ඉවත්කිරීම සැමෝවා පිලට මහත් අවාසිදායක තත්ත්වයකට ඇද දැමීමක් විය. තරගයේ අවසානයට විනාඩි 20 ක් පමණ මෑතින් සිටියදීත් 25-08 ක් ලෙසින් ජපානය ඉදිරියෙන් සිටි නමුත් අවසානය ඔන්න මෙන්න කියා තිබියදී ඩන්කන් පියා’වුවා සහ සෙයිලාලා ලබාගත් උත්සාහක දිනුම් දෙකක්ම ගෝල දිනුම් දෙකක් බවට ප්‍රවර්තනය වූයෙන් සැමෝවා පිලට ලකුණු 14 ක් එක්විය. 

- 213


අදහස් (0)

ජපානයට 28-22 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.