Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදා ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

ගුවන් හමුදා ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

editorial - 2025 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ පස්වැනි සතිය නිමාවට පත්වන විට ලකුණු 16 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ගුවන් හමුදාව සමත්ව සිටියි. පළමු සතියේදී යුද හමුදාවත්, දෙවැනි සතියේදී පොලිසියත් පරාජය කළ ගුවන් හමුදාව, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ පස්වැනි සතියේදී නාවික හමුදාවද පරාජය කරමිනි. 

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සමග ඇති වූ ගංවතුර සහ නායයෑමේ තත්වයන් හේතුවෙන් මෙම තරගාවලියේ තෙවැනි සතිය සහ සිවුවැනි සතිය කල් දැමූ අතර ඉන් තෙවැනි සතියේ තරග නත්තල් සති අන්තයේදීද (7 වැනි සතියේදී), සිවුවැනි සතියේ තරග මූලික වටයේ තරග නිමා වීමෙන් අනතුරුව යෙදෙන සති අන්තයේදීද (11 වැනි සතියේදී) පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

මුල් සති දෙක තුළ සහභාගි වූ තරග දෙකම ජයගනිමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පස්වැනි සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. මේ වන විට ප්‍රසාද ලකුණු 3 ක් සමග සී.ආර්. කණ්ඩායම ලකුණු 13 ක් ලබා සිටියි. 

පළමු සතියේදී විවේකයක් ලබා දෙවැනි සතියේදී නාවික හමුදාවත්, පස්වැනි සතියේදී පොලිසියත් පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ. පළමු සතියේදී පොලිසිය පරදවා දෙවැනි සතියේදී විවේකයක් ලබාගැනීමෙන් අනතුරුව පස්වැනි සතියේදී සී.ආර්. කණ්ඩායම පරාජය කළ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයටත් පත්ව ඇත්තේ ලකුණු 11 කට හිමිකම් කියමිනි. 

මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. 

කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි. 


අදහස් (0)

ගුවන් හමුදා ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.