Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කුසලාන වටය අනිද්දා සිට

කුසලාන වටය අනිද්දා සිට

editorial - 2022 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන නිපෝන් පේන්ට් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවලියේ තරග අනිද්දා (26 වැනිදා) ආරම්භ වීමට නියමිතය. කුසලාන ශූරතාවලිය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අනිද්දා පස්වරු 4.15 ට කොළඹ තුරඟ තරග පිටියේදී තරග බිමට පිවිසෙනු ඇත. 

තරගාවලියේ මූලික අදියර සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර එහිදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්විණ. ඒ අනුව සෑම කණ්ඩායමක්ම මූලික අදියරේදී තරග 7 කට බැගින් සහභාගි වූහ. එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණ සහ පරාජයන් අනුව දෙවැනි අදියරේදී කුසලාන සහ පළඟ ලෙස ශූරතාවලි දෙකක් සඳහා කණ්ඩායම් 4 බැගින් වෙන් කෙරිණ. 

සහභාගි වූ තරග 7 ම ජයගනිමින් මූලික අදියර අවසානයේ අපරාජිත බව රැකගෙන සිටි මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් කුසලාන ශූරතාවලිය සඳහා පිවිසියේය. හැව්ලොක් ක්‍රීඩා සමාජය, සී.එච්. ක්‍රීඩා සමාජය සහ පොලිසිය පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වෙමින් කුසලාන ශූරතාවලියට සුදුසුකම් ලබාගත්හ. 

මූලික අදියරේ අවසන් සතිය දක්වාම ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවූ පොලිසිය අවසන් සතියේ පැවැති තරගයකදී යුද හමුදාව පරාජය කරමින් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. ඒ අනුව එතෙක් ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවූ ගුවන් හමුදාවට පස්වැනි ස්ථානය දක්වා පසුබසිමින් පළඟ ශූරතාවලිය යටතේ ක්‍රීඩා කිරීමට සිදුවිය. 

මූලික අදියරේදී සහභාගි වූ තරග 7 ම ජයගැනීමට සමත් වූ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 40 ක් ලබාගත් අතර තරග 6 ක් ජයගැනීමට සමත් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 34 කට හිමිකම් කීවේය. සී.එච්. ක්‍රීඩා සමාජය තරග 4 ක් ජයගනිමින් ලකුණු 26 ක්ද, පොලිසිය තරග 3 ක් ජයගනිමින් ලකුණු 18 ක්ද ලබා සිටියහ. 

කුසලාන වටයේ කාල සටහන 

මාර්තු 26 - සී.එච්. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තුරඟ තරග පිටියේදී  
මාර්තු 27 - පොලිසිය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර පොලිස් පිටියේදී 
අප්‍රේල් 02 - සී.එච්. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර තුරඟ තරග පිටියේදී 
අප්‍රේල් 02 - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර හැව්ලොක් පිටියේදී  
අප්‍රේල් 09 - පොලිසිය සහ සී.එච්. ක්‍රීඩා සමාජය අතර පොලිස් පිටියේදී 
අප්‍රේල් 09 - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර හැව්ලොක් පිටියේදී  


අදහස් (0)

කුසලාන වටය අනිද්දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.