Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කාන්තාවක් විනිසුරුගේ කනට ගහයි

කාන්තාවක් විනිසුරුගේ කනට ගහයි

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයේ නියමිත වේලාව අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතර යම් නොසන්සුන්තාවක් පැවතිණ. එහිදී ත්‍රිත්ව විදුහලේ ඇතැම් ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආධාරක පිරිස් විනිසුරුවන්ට පහරදීමටද උත්සාහ ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ ඉසුරු පෙරේරා මහතා (ප්‍රධාන විනිසුරු), ගිහාන් යටවර (පළමු සහයක විනිසුරු) සහ ප්‍රදීප් ඉන්දික (දෙවැනි සහයක විනිසුරු) යන මහත්වරු නිලධාරීන් පිරිසකගේ රැකවල් මධ්‍යයේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගියහ.

ඔවුන් ක්‍රීඩාංගණයෙන් ඉවතට යන අවස්ථාවේදී ක්‍රීඩකයකුගේ ඥාති කාන්තාවක් රැකවල් අතරින් රිංගා පැමිණ, ප්‍රධාන විනිසුරුවරයාගේ කනට පහරක් ගසන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යමින් තිබේ.

ඊට මිනිත්තු කිහිපයකට පෙර, ත්‍රිත්ව ක්‍රීඩක තිදස් තන්ත්‍රීගේ විසින් පහරදීම කරන කාන්තාවට සහ තවත් කාන්තාවකට, ක්‍රීඩාංගණයෙන් ඉවතට යන ලෙස පවසන අයුරුද එක් වීඩියෝවක සටහන්ව තිබේ. තරගයේ අවසන් විනාඩියේදී තිදස් කහකාඩ් පතක් ලැබූවේ කලබලකාරී ලෙස හැසිරෙමින් විනිසුරු සමග වාද කිරීම හේතුවෙනි.

- 036


අදහස් (0)

කාන්තාවක් විනිසුරුගේ කනට ගහයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.