Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය රග්බි පිටියේ විශිෂ්ටයන්ගේ තරගාවලිය ලෙස සැලකෙන ක්ලිෆර්ඞ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මේ මස 17 වැනිදා ඇරැඹේ. රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායම් 8 ක් තරග වදින මේ තරගාවලියට ලීග් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය, ලීග් අනුශූරතාව දිනූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය, සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, යුද හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, පොලිස් ක්‍රීඩා සමාජය සමග සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය තරග වදිති.
අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි කොටස ලෙස අර්ධ අවසන් පූර්ව වටයේ සිට පැවැත්වෙන මේ තරගාවලිය මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල පැවැත්වෙන තරගයෙන් ආරම්භ වන අතර එදිනම සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි.
අවසන් පූර්ව වටයේ තරග පෙබරවාරි මස 22 සහ 23 දෙදින පැවත්වෙන අතර අවසන් මහා තරගය 26 වැනිදා පැවැත්වීමට නියමිතය.
පසුගිය වසරේ තරගාවලියේ දී සී.ආර්. කණ්ඩායම පරදවා කුසලානය දිනාගත් මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලානය වැඩිම වාර ගණනකදී දිනාගත් කණ්ඩායම බවට පත්වූයේ 19 වැනි වරටය. සී.ආර්.කණ්ඩායම 14 වරක් කුසලානය දිනා ඇති අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අවස්ථා 13කදී ක්ලිෆර්ඞ් කුසලානය අත් කරගත්තේය.
පොලිස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලානයට හිමිකම් කී අවස්ථා ගණන 8 ක් වන අතර සී.එච්. පිල වාර 7 කදි මේ කුසලානයට හිමිකම් කීවේය. යුද හමුදා පිල 2 වතාවක් ද, ගුවන් සහ නාවික හමුදා පිල එක් අවස්ථාවක දී ද ක්ලිෆර්ඞ් කුසලානය දිනාගෙන තිබේ.
තරග කාලසටහන
පෙබරවාරි 17
■ මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර නිත්තවෙල පිටියේදී
■ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී
පෙබරවාරි 18
■ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී
පෙබරවාරි 19
■ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග පිටියේදී
පෙබරවාරි 22 -23 අවසන් පූර්ව වටය
පෙබරවාරි 26 අවසන් මහා තරගය
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.