Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කසකස්තානය අවසන් තරගයට
ආසියානු රග්බි - 2024

කසකස්තානය අවසන් තරගයට

editorial - 2024 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි සංගමයේ සංවිධායකත්වයෙන් කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන පළමු කාණ්ඩයේ ආසියානු ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කසකස්තානය අද (30) සමත්විය.

අද (30)  පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කටාර් රාජ්‍යයට එරෙහිව ලකුණු 33 – 31 ක තියුණු ජයක් වාර්තා කරමින් කසකස්තාන ක්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලැබූහ.

එහිදී කසකස්තානය ගෝල දිනුම් 4ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර කටාර් රාජ්‍යය ලකුණු රැස්කළේ ගෝල දිනුම් 4ක් සහ දඬුවම් පහරක් මගිනි.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 21-14 ක් ලෙස කටාර් රාජ්‍යය  පෙරමුණේ පසුවිය. ඒ වනවිට කටාර් රාජ්‍යය ගෝල දිනුම් 3ක් වාර්තා කර තිබූ අතර කසකස්තානය ලබා තිබුණේ ගෝල දිනුම් 2 ක් පමණි. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

කසකස්තානය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.