Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby කණ්ඩායම් 3 ක් තියුණු සටනක

කණ්ඩායම් 3 ක් තියුණු සටනක

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2013’ සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (02) රාත‍්‍රි තරග අවසන් වන විට වෙස්ටන් වෝරියර්ස්, නොදර්න් ග්ලැඩියේටර්ස් සහ සබරගමුව ස්ටැලියන්ස්තරග තුන බැගින් ජය ලැබීමට සමත් වූහ.

නවීකරණය කළ කොළඹ පැරණි තුරඟ පිටියේදී දිවා රාත‍්‍රි තරගාවලියක් ලෙස මෙම තරගාවලිය පැවැත්වේ. දෙවැනි සහ අවසන් දිනය වන හෙට (3 වැනිදා) තරග මධ්‍යහ්න 12.00 ට ආරම්භ වීමට නියමිතය.

ජැෆ්නා චැලෙන්ජර්ස්, නොදර්න් ග්ලැඩියේටර්ස්, වෙස්ටන් වෝරියර්ස්, සදර්න් ශාර්ක්ස් සහ සෙන්ට‍්‍රල් කිංග්ස් ‘ඒ’ කාණ්ඩයේ ද, නෝර්ත් වෙස්ටන් බ්ලැක්ස්, නෝර්ත් සෙන්ට‍්‍රල් ටයිෆූන්ස්, ඌව වයිපර්ස්, සබරගමුව ස්ටැලියන්ස් සහ ඊස්ටන් ඊගල්ස් ‘බී’ කාණ්ඩයේ ද, ලීග් තරගාවලියේ ක‍්‍රීඩා කළහ. 

ශ්‍රී ලංකාවේ නවතම රග්බි ක‍්‍රීඩාංගණ වන කොළඹ පැරණි තුරඟ පිටියේ මංගල උත්සාහක දිනුම වාර්තා කිරීමට ජැෆ්නා චැලෙන්ජර්ස් පිලේ කෙන්යානු ක‍්‍රීඩක එමොන්යි කොලින්ස් සමත් විය. මෙවර තරගාවලියේ පළමු අදියර පසුගිය සතියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. අදියර දෙකේම ලකුණු එකතුවෙන් සමස්ත ශූරතාව පිරිනැමේ.

කණ්ඩායම් 10 ක් තරග කරන මෙවර තරගාවලියට විදේශිය ක‍්‍රීඩකයෝ 50 කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටිති. ඒ අතරට නවසීලන්ත ක‍්‍රීඩකයෝ 17 ක් සහ ෆීජි ක‍්‍රීඩකයෝ 14 ක්ද ඇතුළත්ව සිටිති. ලෝක සත් සාමාජික රග්බි පිටියේ හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයෝ කීප දෙනෙක්ද තරගාවලියට සහභාගි වී සිටිති.

 

 

- යොහාන් භාසුර


අදහස් (1)

කණ්ඩායම් 3 ක් තියුණු සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.