Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඕස්ට්‍රේලියාව අවදානම් අඩවියක
ලෝක කුසලාන රග්බි - 2023

ඕස්ට්‍රේලියාව අවදානම් අඩවියක

editorial - 2023 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1 හිමි අයර්ලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ලකුණු 36-14 කින් ස්කොට්ලන්තය පරාජය කරමිනි. ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 12 වැනි ස්ථානයේ සිටින ජපානය සහ ආර්ජන්ටිනාව අතර අද (08 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 39-27 කින් ජයගත් ආර්ජන්ටිනාව තමන්ගේ ස්ථානය රැකගත්තේය. සෙනසුරාදා පැවැති මූලික වටයේ අවසන් තරගයේදී ලකුණු 18-17 කින් සැමෝවා කණ්ඩායම පැරදවූ එංගලන්තය ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. 

ලෝක රග්බි පිටියේ අනෙක් කෙරුම්කාරයන් වන නවසීලන්තය, වේල්සය, ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව මේ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථාන වෙන්කරගෙන ඇතත් ඕස්ටේ්‍රලියාව අවදානම් අඩියකට වැටී සිටී. අවසන් 8 දෙනා අතරට යාමේ සටන ඇත්තේ ෆිජි සහ ඕස්ටේ්‍රලියාව අතර වූවත් ඉතිරිව ඇති එකම තරගය ඇත්තේ ෆිජී සහ පෘතුගාලය අතරය. 

මූලික වටයේ තරග අවසන් කෙරුණු ඉරිදා (08 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ ඇරඹුනු ෆිජී සහ පෘතුගාලය අතර තරගයේදී ප්‍රතිඵලය අනුව ඕස්ට්‍රේලියාව අවසන් අට දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් අද (ඉරිදා) සවස වන විට පැවැති තත්ත්වය අනුව ඕස්ටේ්‍රලියානුවන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් අට දෙනාගෙන් ඉවතට වීසි වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබිණ. 

‘සී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව මූලික වටයේ සියලුම තරග අවසන් කරගත් ඕස්ට්‍රේලියාව සතු වන්නේ ප්‍රසාද ලකුණු 11 කි. එහෙත් පෘතුගාලයට එරෙහි තරගය අතේ තබාගෙන සිටින ෆිජී කණ්ඩායම ප්‍රසාද ලකුණු 10 ක් සහිතව ඕස්ට්‍රේලියාවට තර්ජනය කරමින් සිටී. ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ෆිජී කණ්ඩායම 8 වැනි ස්ථානයේ සිටින නමුත් පෘතුගාලය සිටින්නේ 16 වැනි ස්ථානයේය. අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ටේ්‍රලියාවට හිමිවී ඇත්තේ 10 වැනි ස්ථානයයි. 

ඕස්ට්‍රේලියාව දෙවරක්ම (1991 සහ 1999) රග්බි ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමකි. වසර 2003 දී එංගලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලාන දිනාගත් අතර එතැන් පටන් දකුණු අප්‍රිකාව (2007 සහ 2019) දෙවරක්ද, නවසීලන්තය (2011 සහ 2015) දෙවරක්ද රග්බි ලෝක කුසලානය හිමිකරගෙන ඇත. 

රග්බි ලෝක කුසලාන හෙවත් ‘වෙබ් එලිස්’ කුසලානය දිනාගත් උතුරු අර්ධගෝලයට අයත් එකම රට වන්නේ එංගලන්තයයි. කෙසේ වෙතත් වත්මන් කණ්ඩායම් එකිනෙකා හා සංසන්දනය කිරීමේදී අයර්ලන්තයට වැඩි දුරක් යාමේ ඉඩකට ඇති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. 

ඒ සඳහා ඔවුන් ලබන 14 වැනිදා නවසීලන්තය තරගාවලියෙන් ඉවතට ඇද දැමිය යුතුව තිබේ. එහෙත් නවසීලන්තය තුන් වතාවක් රග්බි ලෝක කුසලාන ජයගත් කණ්ඩායමකි. 


ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පෙළගැස්ම

ඔක්තෝබර් 14 වැනිදා

■ වේල්සය සහ ආර්ජන්ටිනාව අතර මාර්සේල් නුවරදී
■ අයර්ලන්තය සහ නවසීලන්තය අතර පැරීසියේදී


ඔක්තෝබර් 15 වැනිදා 
■ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හෝ ෆිජී අතර මාර්සේල් නුවරදී 
■ ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව අතර පැරීසියේදී 

- 213 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව අවදානම් අඩවියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.