Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඕස්ට්‍රේලියානුවෝ අවසන් අට දෙනාගෙන් ඉවතට විසිවෙති
ලෝක කුසලාන රග්බි 2023

ඕස්ට්‍රේලියානුවෝ අවසන් අට දෙනාගෙන් ඉවතට විසිවෙති

editorial - 2023 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්ද මන්ද වූ වොලබීස්ලා, තම තමන්ගේ පුටු අද්දරටම වී තරගය දෙස බලා සිටියහ. එහෙත් දැන් ඔවුන්ගේ ඉරණම ලියා අවසන් කර තිබේ. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වැනි වතාවට, අර්ධ අවසන් පූර්ව වටයෙන් මෙපිටට වී තරගාවලිය දෙස බලා සිටින්නට ඕස්ටේ්‍රලියානුවන්ට සිදුවී තිබේ. 

ෆිජි සහ පෘතුගාලය අතර ඉරිදා (08 වැනිදා) රාත්‍රියේ පැවැති ලෝක කුසලාන තරගයේදී සිය මංගල ලෝක කුලාන ජය අත්පත් කරගනිමින්, පෘතුගාලය විසින් ලකුණු 24-23 ක් ලෙස ෆිජි පිල පරාජය කරන ලදි. තරගය පරාජය වූවත් අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගත් ෆිජි ක්‍රීඩකයෝ වසර 16 කට පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ලෝක කුසලාන ගමන එතැනින් නතර කරමිනි. 
ෆිජි සහ පෘතුගාලය අතර පැවැතියේ මහත් උද්වේගකර වූවත්  සිත් ඇදගන්නාසුළුවූත් තරගයකි.  

තරගයේ පළමු අර්ධය නිමා වූයේ 3-3 ක් ලෙසිනි. විනාඩි 40 ක් පුරා දෙපිලම ලබාගත හැකිවූයේ ලකුණු 3 ක් පමණක් වූයෙන් තරගයේ තියුණු බව මොනවට පැහැදිළි විය. එහෙත් දෙවැනි අර්ධය ඇදහිය නොහැකි විය. 

ෆීජි ක්‍රීඩකයන් දෙවරක්ම පිටුපසින් පැමිණ ඉදිරියට පැනගත් අතර තරගය නිමා වීමට විනාඩි 3 ක් තිබියදීත් ෆිජි ක්‍රීඩකයෝ 23-17 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ. එහෙත් අවසන් විනාඩි දෙකෙන් එකකදී, රොඩ්රිගෝ මාර්තා තැබූ උත්සාහක දිනුම, ඊළඟ විනාඩියේදී සැමුවෙල් මාර්ක්ස් විසින් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරන ලද හෙයින් ලකුණු 24-23 ක් ලෙසින් පාතුගාලය ඉදිරියට ගියේය. 

තවත් විනාඩියකින් පසුව විනිසුරුවරයාගේ අවසන් නළා හඬ නික්මිණ. 

රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබාගත් පෘතුගාල ක්‍රීඩකයන් සතුටු කඳුළු සළද්දී ඕස්ටේ්‍රලියානුවෝ ලැජ්ජාවෙන් යුතුව තමන්ගේ කඳුළු සඟවා ගත්හ. 

ෆීජි ක්‍රීඩකයෝ 1987 න් සහ 2007 න් පසුව තුන්වන වරටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ෆීජි කණ්ඩායමක් 2007 දී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේද ප්‍රංශයේදී ය.


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ අවසන් අට දෙනාගෙන් ඉවතට විසිවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.