Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby එංගලන්තය 34-12 කින් ජපානය පරදවයි
රග්බි ලෝක කුසලාන - 2023

එංගලන්තය 34-12 කින් ජපානය පරදවයි

editorial - 2023 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි ශ්‍රේණිගත කිරීම් වඩාත් සාධාරණ බව නැවත වතාවක් තහවුරු කළ එංගලන්ත ක්‍රීඩකයෝ රග්බි ලෝක කුසලාන තරගයකදී ජපානය ලකුණු 34-12 කින් පරාජය කරමින් ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගත්හ. ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි තරගයත් ජයගත් එංගලන්තය තමන් සිටින ‘ඩී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේ ඉරිදා (17 වැනිදා) පැවැති තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණත් අත්කරගත් බැවිනි.

අන්තර්ජාතික ශ්‍රේණගත කිරීම් අතරේ එංගලන්තය 6 වැනි ස්ථානයේත් ජපානය 14 වැනි ස්ථානයේත් සිටිති. ප්‍රංශයේ නයිස් නගරයේදී, ඉරිදා රාත්‍රියේ පැවැති මෙම තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් සඳුදා දිනය උදා වී තිබිණ.

තරගයේ පළමු අර්ධය නිමාවේදී එංගලන්තය 13-9 ක් ලෙසින් ඉදිරියෙන් සිටි අතර ඒ වන විටත් ජෝර්ජ් ෆෝඩ්ගේ පාදයෙන් එංගලන්තයට හිමිවී තිබූ ලකුණු සංඛ්‍යාව 8 කි. ඉතිරි ලකුණු 5 උත්සාහක දිනුමක් වාර්තා කළ ලුවිස් ලුඩ්ලම්ගේ නමට ඉදිරියෙන් සටහන් විය.

විවේක කාලයෙන් මඳ වේලාවකට පසුව ජපානය වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කරගත් රිකීයා මත්සූදා දෙපිල අතර පරතරය ලකුණු 01 ක් බවට පත්කළේය. ලකුණු 12-13 ක් ලෙසින් වුවද එංගලන්තය ඉදිරියෙන් පසුවිය. එහෙත් ජපනුන්ට සිතන්නට වත් කාලයක් නොතබා, ප්‍රොප් ක්‍රීඩක ජෝ මාලර්ගේ හිසින් පැමිණි පන්දුව අතට ගත් කර්ට්නි ලෝස් එංගලන්තය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම එකතු කරමින් තම කණ්ඩායම ඉදිරියට ගත්තේය. ජොර්ජ් ෆෝඩ්ගේ පාදය නැවතත් නිවැරදිව ක්‍රියාත්මක වූයෙන් ලකුණු පුවරුව 20-12 ක් විය.

තරගයේ අවසන් කොටසේදී ෆ්‍රෙඩී ස්ටුවර්ට් සහ ජෝ මර්චන්ට් දෙදෙනා පිට පිටම තැබූ උත්සාහක දිනුම් දෙකම ගෝල දිනුම් බවට ප්‍රවර්ථනය වූයෙන් එංගලන්ත ලකුණු සංඛ්‍යාව 34 ක් විය. 

තරගය පුරාම එංගලන්තය ලබාගත් ලකුණු 34 න් ලකුණු 14 කට හිමිකම් කී ජෝර්ජ් ෆෝඩ් තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනාගත්තේය.


අදහස් (0)

එංගලන්තය 34-12 කින් ජපානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.