Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby උරුගුවේ පිලට පළමු ජයග්‍රහණය
රග්බි ලෝක කුසලාන - 2023

උරුගුවේ පිලට පළමු ජයග්‍රහණය

editorial - 2023 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරි පෙල ක්‍රීඩකයන්ගේ බලය, අත්වැරදීම් නැති අවසානය සහ සන්සුන්කම නිසාම 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණයට උරුගුවේ පිල උරුමකම් කීවේය. එහෙත් තරගය උදුරා ගැනීමට බලාගෙන සිටි නැමීබියානු ක්‍රීඩකයෝ උරුගුවේ පිල බලවත් නොසන්සුන්තාවට පත්කළහ. නැමීබියාවේ මංගල ලෝක කුසලාන ජය තව දුරටත් ප්‍රමාද කළ උරුගුවේ ක්‍රීඩකයෝ, බදාදා (27 වැනිදා) ප්‍රංශයේ ලියොන් නුවරදී පැවැති තරගයේදී ලකුණු 36-26 ක ජයක් අත්පත් කරගත්හ.

අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ උරුගුවේ සහ නැමීබියාව අතර ඇත්තේ විශාල පරතරයක් නොවේ. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව, උරුගුවේ පිල 17 වැනි ස්ථානයේ සිටින අතර නැමීබියාව 21 වැනි ස්ථානයේ සිටී.

තරගයේ පළමු විනාඩියේදීම උත්සාහක දිනුමක් තබා එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කරගත් නැමීබියානුවෝ 25 වැනි විනාඩියේදී 17-05 ක් ලෙසින් ඉදිරියෙන් සිටියහ. පසුබට නොවූ උරුගුවේ ක්‍රීඩකයන් ක්‍රමානුකූලව ලකුණු එකතු කරමින් සිටියද, තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 20-12 ක් ලෙසින් නැමීබියාව ඉදිරියෙන් සිටිමිනි.

ලෝක කුසලාන තරග 26 කට සහභාගි වී ඇතත්, තවමත් ලෝක තරගයක් ජයගෙන නැති නැමීබියාව තමන්ගේ මංගල ලෝක කුසලාන ජය පිළිබඳ සිහින දකිමින් සිටියේය. දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමගින් උරුගුවේ ක්‍රීඩකයෝ තමන් අබිමුව ඇති අභියෝගය මැනවින් වටහා ගනිමින්, ලකුණු හඹා යන්නට වූහ.

54 වැනි විනාඩියේද සන්තියාගෝ අරතා විසින් තබන ලද උත්සාහක දිනුමත් සමගින් ඉදිරියට පැනගත් උරුගුවේ පිල එතැන් සිට දිගටම තරගයේ වාසිය තමන්වෙත රඳවා ගත්හ. මේ අතරවාරයේදී දෙපිලම තම තමන්ගේ ක්‍රීඩකයන් මාරු කළ නමුත් වාසියේ වෙනසක් නොවීය.

මෙම තරගය පරාජය වීමත් සමගින් නැමීබියාව ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයට ඇද වැටිණ.

- 213


අදහස් (0)

උරුගුවේ පිලට පළමු ජයග්‍රහණය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.