Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉසිපතන ක්‍රීඩකයෝ විද්‍යා විදුහල පරදවති

ඉසිපතන ක්‍රීඩකයෝ විද්‍යා විදුහල පරදවති

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘බී’ කොටස යටතේ  ඊයේ (24 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 19-09 ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල පරාජය කිරීමට කොළඹ ඉසිපතන විදුහල සමත් විය.

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 13-06 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී උත්සාහක දිනුම් දෙකක් සහ දඬවම් පහරක් සමගින් ඉසිපතන විදුහල ලකුණු ලබාගත් අතර විද්‍යා විදුහල ලකුණු ලබාගත්තේ දඬවම් පහර 2 ක් මගිනි.

දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුමක් ලබාගැනීමට ඉසිපතන ක්‍රීඩකයන් සමත් වෙද්දී විද්‍යා විදුහල් ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකි වූයේ දඬවම් පහරක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 18-09 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.

මෙම තරගයේදී ඉසිපතන විදුහල වෙනුවෙන් මලිත් මිහිසර, වෙනුර සංගීත් සහ චමත් ඉරෝෂන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඔවුන්ට හිමිවූ දඬවම් පහර සාර්ථක කරගනු ලැබුවේ මලිත් මිහිසර විසිනි. විද්‍යා විදුහල වෙනුවෙන් එන්. කවීෂ දඬවම් පහර 3 ක් සාර්ථක කරගත්තේය.

-036

 


අදහස් (0)

ඉසිපතන ක්‍රීඩකයෝ විද්‍යා විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.