Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සයවැනි සතිය යටතේ පසුගිය සෙනසුරාදා (01) පැවැති තරගවලදී ඉසිපතන විදුහල පස්වැනි ජය ලබමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. ඉසිපතන විදුහල සහභාගි වූ තරග හයෙන් තරග පහක් ජය ලැබීමට සමත්ව සිටියි.
වැලිසර නාවික හමුදා රග්බි පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 69-13 කින් ඩී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට සමත් වූහ. එහිදී ඉසිපතන විදුහල් පිල ගෝල 7 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු රැස් කළේය.
නිත්තවෙල පිටියේදී පැවැති තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පිල ලකුණු 34-24 කින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට සමත් විය. මෙහි පළමු අර්ධය අවසන් වන විට ධර්මරාජ විදුහල ලකණු 24-17 ක් සෙ පෙරමුණේ රැදී සිටිය ද ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි අර්ධයේදී තවත් ලකුණ 17 ක් රැස්කරමින් ජය තහවුරු කරගත්තේය.
බම්බලපිටියේදී පැවැති තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල ලකුණු 25-10 කින් ශාන්ත පීතර විදුහල පරාජය පරාජය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.