Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ඉතාලියට දැවැන්ත ජයක්
ලෝක කුසලාන රග්බි

ඉතාලියට දැවැන්ත ජයක්

editorial - 2023 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රග්බි ලෝක කුසලාන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී නැමීබියාව ලකුණු 52-08 කින් පරාජය කළ ඉතාලිය උත්සාහක දිනුම් 7 ක් වෙනුවෙන් හිමිවන අතිරේක ප්‍රසාද ලකුණත් හිමිකරගත්තේය. ප්‍රංශයේ ශාන්ත ඇතීනා නුවරදී අද (09 වැනිදා) පැවැති තරගයේදී උත්සාහක දිනුම් 7 ක් ලබාගත් ඉතාලි ක්‍රීඩකයෝ එම උත්සාහක දිනුම් හතම ගෝල දිනුම් බවටත් ප්‍රවර්ථනය කළහ.

නැමීබියාවට ලකුණු ලබාගත හැකිවූයේ උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් පමණි.
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව ඉතාලිය 13 වන ස්ථානයේ සිටින නමුත් නැමීබියාව සිටින්නේ 21 වැනි ස්ථානයේය. එහෙත් ශාන්ත ඇතීනා හිදී අද පැවැති තරගය සම්පූර්ණයෙන්ම පාහේ ඒක පාර්ශ්වික තරගයක් විය.

දකුණු අප්‍රිකාවෙන් පැමිණි නැමීබියාව, මේ දක්වා ලෝක කුසලාන තරග 23 කට සහභාගි වී ඇතත්, ඒ සියල්ලම පරාජය වී තිබේ.

ඒ කාණ්ඩයේම සිටින නවසීලන්තය සහ ප්‍රංශය සමගත් තරග වැදීමට තිබෙන බැවින්, වේලාසනින්ම අතිරේක ප්‍රසාද ලකුණක් ලබාගැනීම ඉතාලි කණ්ඩායමට බෙහෙවින් වාසිදායක තත්ත්වයකි. ඉතාලි කණ්ඩායමේ පුහුණුකරුවා නවසීලන්ත ජාතිකයකු වන කිරන් ක්‍රෝලිය.

තුන්වැනි විනාඩියේදීම දඬුවම් පහරක් සාර්ථක කරගනිමින්, ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ නැමීබියාවයි. එහෙත් නැමීබියාව පෙරමුණේ සිටියේ විනාඩි 5 ක් පමණි. 8 වැනි විනාඩියේදී තෝමසෝ ඇලන් දඬුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව සමකළ අතර එතැන් සිටි එය ඇලන්ගේම තරගයක් විය.

ෆුල් බෑක් ක්‍රීඩක තෝමසෝ ඇලන් තරගය පුරාම කිසිම වැරදීමක් නොවන පරිදි තම පාදයෙන් ලකුණු 17 ක් ඉතාලියට එක්කර දුන්නේය. එකම දඬුවම් පහරත් සාර්ථක කරගත් ඇලන්, උත්සාහක දිනුම් හතේම ප්‍රවර්තනද සාර්ථක කරගත්තේය.

- 213


අදහස් (0)

ඉතාලියට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.