Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආර්ජන්ටිනාවට 19-10 ක ජයක්
ලෝක කුසලාන රග්බි - 2023

ආර්ජන්ටිනාවට 19-10 ක ජයක්

editorial - 2023 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික රග්බි පිටියේදී කිසිම අනාවැකියක් කිව නොහැකි කණ්ඩායමක් වන සැමෝවා කණ්ඩායම ලකුණු 19-10 කින් පරාජය කළ ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ ලෝක කුසලාන තරගාවලියේදී තමන්ගේ බලාපොරොත්තු සහගත මාර්ගයට අවතීර්ණ වූහ. ආර්ජන්ටිනාව වෙනුවෙන් එමිලියානෝ බොෆෙලි ලකුණු 16 ක් රැස් කළේය. අන්තර්ජාාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ආර්ජන්ටිනාව 10 වැනි ස්ථානයේත් සැමෝවා ක්‍රීඩකයෝ 11 වැනි ස්ථානයේත් සිටිති.

“පූමාස්ලා” යනුවෙන් හැඳින්වෙන ආර්ජන්ටිනීයානු රග්බි ක්‍රීඩකයෝ සති දෙකකට පෙර එංගලන්තය හමුවේ පරාජය වූ නමුත් ‘ඩී’ කාණ්ඩයේදී ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයේ සිටින සැමෝවා පිල පරාජය කිරීම නිසා අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයකට යාමේ බලාපොරොත්තුවෙන් සිටිති.

ආර්ජන්ටිනීයානුවෝ ගෝල දිනුමකින් සහ දඬුවම් පහර 4 කින් ලකුණු 19 ක් ලබාගත්හ. සැමෝවාවරු ගෝල දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු ලබාගත්හ.

තරගයේ 9 වැනි විනාඩියේදීම එමිලියානෝ ලබාගත් උත්සාහක දිනුම ඔහු විසින්ම ගෝල දිනුමක් බවට ප්‍රවර්ථනය කරන ලදි. 25 සහ 34 වැනි විනාඩි වලද එමිලියානෝ තවත් දඬුවම් පහර දෙකක් සාර්ථක කරගත් හෙයින් පළමු අර්ධය නිමාවේදී 13-03 ක් ලෙසින් ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේය. එහිදී ආර්ජන්ටිනාවේ ලකුණු 13 ම එමිලියානෝ ලබාගත් ඒවා විය.

තරගය ආවසන් වීමට විනාඩි 5 ක් පමණ තිබියදී සැමෝවා පිලේ සාමා මලෝලෝ තැබූ උත්සාහක දිනුම ගෝලයක් ලෙසින් ප්‍රවර්තනය කරන ලදින්, කණගාටුදායක පරාජයකින් සැමෝවාවරු ගැලවුණහ.

“එය පහසු නොවන බව අපි දැනගෙන හිටියා”

“සැමෝවා කියන්නේ ශක්තිමත් කණ්ඩායමක්. ඒ හින්දාම අද ලබාගත් ජයග්‍රහණය ඉතාමත් වැදගත් ජයග්‍රහණයක්,” යයි එමිලියානෝ බොෆෙලි පැවසීය.

“ඒ වගේම තමයි ආධාරකරුවන්ගේ සහයෝගයත්. ඒක ඇදහිය නොහැකි තරම්. ඔවුන්ගේ සහයෝගය අපට දැනුණා” යයි ද වින්ග් ත්‍රී ක්‍රීඩක බොෆාලි වැඩිදුරටත් කීවේය.
 
තරගයෙන් පරාජය වූ නමුත් සැමෝවා පිල ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථනයේ සිටී.
“මගේ කොල්ලොටික ගැන අතිශයින්ම ආඩම්බරයි,” සැමෝවා නායක ක්‍රිස් වුයි පැවසීය.

“මම හිතන්නේ වඩා හොඳ කණ්ඩායම දිනුවා කියලයි. සියලු ගෞරවය ආර්ජන්ටිනාවට. ඔවුන්ගේ අත්වැරදීම් නෑ. ඒ නිසා සම්පූර්ණ ගෞරවය ඔවුන්ටයි” යයි ක්‍රිස් වුයි වැඩිදුරටත් පැවසීය.


- 213


අදහස් (0)

ආර්ජන්ටිනාවට 19-10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.