Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ආර්.එස්. ද සේරම් පළිහ සාන්ත තෝමසුවන්ට

ආර්.එස්. ද සේරම් පළිහ සාන්ත තෝමසුවන්ට

editorial - 2022 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

මහනුවර ත්‍රිත්ව විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ හැව්ලොක් පිටියේදී සෙනසුරාදා (26 වැනිදා) පැවැති 44 වැනි ආර්.එස්. ද සේරම් පළිහ රග්බි තරගයෙන් ලකුණු 17-14 ක ජයක් වාර්තා කිරීමට සාන්ත තෝමසුවෝ සමත් වූහ. සාන්ත තෝමස් විදුහල ආර්.එස්. ද සේරම් පළිහට හිමිකම් කීවේ වසර 4 කට පසුවය.

කෙසේ වෙතත් මෙම තරගය වැඩි කතාබහට ලක්වූයේ එහි ප්‍රතිඵලය නිසා නොව, පරාජිත පිලේ ආධාරකාරියක වූ කාන්තාවක් විසින් විනිසුරුවරයාගේ කනට ගැසීම හේතුවෙනි.

ගෝල දිනුම් 2 ක් සමග ලකුණු රැස්කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසානයේ ලකුණු 14-3 ක් ලෙස තරගයේ පෙරමුණ ගත්හ. සාන්ත තෝමස් විදුහල පළමු අර්ධයේදී ලකුණු රැස්කළේ දඬුවම් පහරක් සමගිනි. යෙහාන් බුලත්සිංහල 12 වැනි විනාඩියේදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් එම දඬුවම් පහර සාර්ථක කරගත්තේය.

තරගයේ 19 වැනි විනාඩියේදී මිනිඳු ජයසුන්දරද, 35 වැනි විනාඩියේදී ආසිරි කොඩිතුවක්කුද ත්‍රිත්ව විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ. එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථන සාර්ථක කරගත් තමුදිත දොඩන්වත්ත ඒවා ගෝල දිනුම් බවට පත් කළේය.

ත්‍රිත්ව විදුහලට වඩා ලකුණු 11 ක් පසුපසින් සිටිමින් දෙවැනි අර්ධයට අවතීර්ණ වූ සාන්ත තෝමසුවෝ එහිදී ගෝල දිනුම් දෙකක් ලබාගැනීමට සමත් වූහ. ඔවින් හෙට්ටිආරච්චි (39 වැනි විනාඩියේදී) සහ දුනාල් ප්‍රනාන්දු (43 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවායේ ප්‍රවර්ථන සාර්ථක කරගනු ලැබුවේ යොහාන් බුලත්සිංහල විසිනි.

අනතුරුදායක වැළැක්වීම්වල නිරත වීම හේතුවෙන් තරගයේ 7 වැනි විනාඩියේදී ලිත්මාල් මොරගොඩද (ත්‍රිත්ව), 44 වැනි විනාඩියේදී අෂේන් විජේසූරියද (ත්‍රිත්ව), 58 වැනි විනාඩියේදී ලෂාන්ද්‍ර ද සිල්වාද (සා. තෝමස්) විනිසුරුවරයා කහ කාඩ්ප පෙන්වමින් අවවාද කළේය. 69 වැනි විනාඩියේදී තිදස් තන්ත්‍රීගේට (ත්‍රිත්ව) කහ කාඩ්පත පෙන්වා අවවාද කළේ උච්ච ස්වරයෙන් විනිසුරුවරයා සමග වාද කිරීම හේතුවෙනි.

තරගයේ 58 වැනි විනාඩියේදී ත්‍රිත්ව විදුහලේ ලෝෂික විජේකෝන්ට කහ කාඩ්පත පෙන්වූයේ බිම වැටී සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයකුගේ හිසට ත්‍රිත්ව ක්‍රීඩකයකු විසින් පයින් පහරදීම හේතුවෙනි. පහරදීම සිදුවන අයුරු නෙත ගැටුණ සහය විනිසුරුවරයා ඒ බව ප්‍රධාන විනිසුරුවරයාට දැනුම්දීමත් සමග ප්‍රධාන විනිසුරුවරයා ලෝෂිකට කහ කාඩ්පත පෙන්වා අවවාද කළේය.


අදහස් (0)

ආර්.එස්. ද සේරම් පළිහ සාන්ත තෝමසුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.