Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අවසන් පූර්ව තරග සැප්. 02 - 03
පිළිමළුන් පිටුදැකීමේ රග්බි

අවසන් පූර්ව තරග සැප්. 02 - 03

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් මස 2 සහ 3 යන දිනවලදී කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

කුසලාන 3 ක් සඳහා පැවැත්වෙන මෙම තරගාවලියේ සභාපති කුසලාන අවසන් පූර්ව තරග පෙරවරු 10.00 ටත්, අගමැති කුසලාන අවසන් පූර්ව තරග පස්වරු 2.00 ටත්, ජනාධිපති කුසලාන අවසන් පූර්ව තරග පස්වරු 4.15 ටත් ආරම්භ වීමට නියමිතය. 

තරගාවලියේ ප්‍රදානම කුසලාන වන ජනාධිපති කුසලානයේ අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව මරදාන සහිරා විදුහලත්, මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලත් තරග බිමට අවතීර්ණ වනු ඇත. 

පිළියන්දල මැදි විදුහල, කොළඹ තර්ස්ටන්, කුරුණෑගල මලියදේව සහ මහනුවර ශ්‍රී සුමංගල යන විදුහල් අගමැති කුසලාන අවසන් පූර්ව වටයේදීද, පානදුර ශ්‍රී සුමංගල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි, නුගේගොඩ ශාන්ත ජෝන් සහ මාතර රාහුල යන විදුහල් සභාපති කුසලාන අවසන් පූර්ව වටයේදීද තරග වැදීමට නියමිතය. 

 


අදහස් (0)

අවසන් පූර්ව තරග සැප්. 02 - 03

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.