Last Update  :  2025-12-12 12:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby අන්තර් සමාජ රග්බි තරග යළි ඇරඹෙයි

අන්තර් සමාජ රග්බි තරග යළි ඇරඹෙයි

editorial - 2025 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සමග ඇති වූ ගංවතුර සහ නායයෑමේ තත්වයන් හේතුවෙන් සති දෙකකින් කල් දැමූ අන්තර් සමාජ රග්බි ලීගය හෙට (12 වැනිදා) යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය කටයුතු යොදා තිබේ. 

තරග කාල සටහනට අනුව 5 වැනි සතියේ සිට තරගාවලිය යළිත් ආරම්භ වන අතර එහි පළමු දිනය වන හෙට ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව යුද හමුදාව ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. 

පස්වැනි සතියේ දෙවැනි දිනය වන අනිද්දා (13 වැනිදා) ගුවන් හමුදාවට එරෙහිව නාවික හමුදාව රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලොන්ඩන් පෙදෙසේදීත් තරග වැදීමට නියමිතය. 

මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ඉරිදා (14 වැනිදා) නිත්තවෙලදී පැවැත්වෙන තරගයෙන් 5 වැනි සතිය නිමාවට පත්වනු ඇත. මෙම සියලුම තරග පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත අතර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙම සතියේදී විවේකයක් හිමිව තිබේ. 

තරගාවලියේ කල් දමන ලද තෙවැනි සතියේ තරග නත්තල් සති අන්තයේදීද (7 වැනි සතියේදී), සිවුවැනි සතියේ තරග මූලික වටයේ තරග නිමා වීමෙන් අනතුරුව යෙදෙන සති අන්තයේදීද (11 වැනි සතියේදී) පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා ඇත. 

මුලි සති දෙක අවසානයේ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 11 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර ගුවන් හමුදාව එහි දෙවැනි ස්ථානයේ පසුවන්නේද ලකුණු 11 කට හිමිකම් කියමිනි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

පස්වැනි සතියේ තරග කාලසටහන 

  • දෙසැ. 12 වැනිදා - ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 13 වැනිදා - ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 13 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 14 වැනිදා - මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී 

 

 


අදහස් (0)

අන්තර් සමාජ රග්බි තරග යළි ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.