Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ක්‍රීඩා සමාජයේ ආක්‍රමණශීලී තරග රටාව හේතුවෙන් පළමු භාගයේ තරමක් තැති ගැන්මකට ලක්වූවත් දෙවැනි භාගයේ දී තරගයේ පාලනය එහෙම පිටින්ම සියතට ගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගයෙන් පොලිස් පිල ලකුණු 46-26 කින් පරදවා අවසන් පූර්ව වටයට සේන්දු විය.
කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 24-19 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල දෙවැනි භාගයේ ආරම්භයේදිත් තරමක පීඩනයකට ඇද වැටුණේ රදීෂ සෙනෙවිරත්න තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම රාජිත සන්සෝනි ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 26-24 කින් පෙරමුණ ගැනීමට පොලිස් කණ්ඩායම සමත්වීම නිසාය. එහෙත් ඉන් අනතුරුව ප්‍රසාද් මධුසංඛ සහ නිෂොන් පෙරේරා තැබූ උත්සාහක දිනුම් 2කින් ලකුණු 34-26 කින් පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල තරගයෙන් ජයගන්නා තුරු ආපසු හැරුණේ නැත.
තරගයේ 65 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ නිෂොන් පෙරේරා හැව්ලොක්ස් පිල ලකුණු 39-26 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. අවසන් මොහොතේ සුදර්ශන මුතුතන්ත්‍රී තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ හිරන්ත පෙරේරා හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය ලකුණු 46-26කින් තීන්දු කළේය.
තරගයේ ආරම්භයේදීම පිට පිට උත්සාහක දිනුම් 2ක් තබමින් පොලිස් පිල අන්දමන්ද කිරීමට චාමික සමරතුංග සමත්වූ අතර ඔහුගේ දෙවැනි උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ හිරන්ත පෙරේරා හැව්ලොක්ස් පිල ලකුණු 12-0 කින් ඉදිරියට ගෙන ගියේය.
ඊට මිනිත්තු කිහිපයකට පසුව විශිෂ්ට උත්සාහක දිනුමක් තැබූ උදාර ගයාන් පොලිස් පිලට ලකුණු 5ක් ගෙන දුන් අතර ඊළඟ මිනිත්තුවේ දී සුදම් සූරියආරච්චි තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 17-5කින් හැව්ලොක්ස් පිල ඉදිරියට තල්ලු කළේය. මොහොතකට පසුව අබ්සාල් මොහොමඞ් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රාජිත සන්සෝනි පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ දැමුවේය.
පළමු භාගය නිමාවීමට පෙර හිරන්ත පෙරේරා ඔහු විසින්ම තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් හැව්ලොක්ස් පිල ලකුණු 24කින් ඉහළට ඔසවා තැබූවත් ඊළඟ මිනිත්තුවේ දී රදීෂ සෙනෙවිරත්න තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රාජිත සන්සෝනි පොලිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවත් 19 දක්වා ඉහළ දැමීමට සමත්විය.
ක්ලිෆර්ඞ් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී හැව්ලොක්ස් පිලේ ප්‍රතිවාදියා තීරණය කෙරෙන්නේ අද පැවැත්වෙන නාවික - යුද තරගයෙනි.
- 066
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.