Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී. ආර්. පිලට තියුණු ජයක්

සී. ආර්. පිලට තියුණු ජයක්

ශනුක අරවින්ද - 2017 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් මොහොතේ නලීන් කුමාර සාර්ථක කරගත් දඬුවම් පහරට පින්සිදු වන්නට සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය අවසන් තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 23-22කින් පරදවා තියුණු ජයක් අත්කර ගත්තේය.

තරගයේ අවසන් මොහොත වනවිට ලකුණු 22-20 කින් පෙරමුණ ගෙන ජයග්‍රහණයේ එළිපත්තේ සිටි පොලිස් පිලට මීටර් 40 ක දුරකින් සිට නලීන් කුමාර දඬුවම් පහර සාර්ථක කරගැනීමත් සමග ආපසු හැරෙන්නට සිදුවිය.

අෂාන් ඩි කොස්තාගේ උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළ සී.ආර්.පිල මිනිත්තු 5 ක් ඇතුළත පිට පිට උත්සාහක දිනුම් 2 ක්ම තැබීමට සමත්වූ අතර ගයාන් ජයමාන්න තැබූ එම උත්සාහක දිනුමත් සමග ලකුණු 10-0 කින් ඉදිරියට ගියේය. අවස්ථා 2 දීම එය ගෝල බවට පත් කිරීමට ප්‍රින්ස් චාමර සමත්වූයේ නැත.

ඊට මිනිත්තු 10 කට පසුව රදීෂ සෙනෙවිරත්න තැබූ අගනා උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ රාජිත සන්සෝනි පොලිස් පිලට ලකුණු 7 ක් ගෙන දීමට සමත්විය. අනතුරුව දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු සංඛ්‍යාව 10-10 කින් සමකර ගැනීමට පොලිස් පිලේ සන්සෝනි සමත්වූවත් කවිඳු පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ප්‍රින්ස් චාමර විසින් සී.ආර්. පිල ලකුණු 17-10 කින් ඉදිරියට තල්ලු කරන ලදි.

එහෙත් තරගයේ 30 වැනි මිනිත්තුවේ දී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ රදීෂ සෙනෙවිරත්න පොලිස් පිලේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දැමීමට සමත්වූ අතර පළමු භාගය නිමාවීමට මොහොතකට පෙර ජොයෙල් පෙරේරා තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ප්‍රින්ස් චාමර පොලිස් පිල ලකුණු 22-17කින් පෙරමුණට තබා පළමු භාගය නිමා කරගත්තේය.

තරගයේ 55 වැනි මිනිත්තුවේ දි ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් නලින් කුමාර සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමීමෙන් පසුව අන්තිම මොහොත දක්වා දෙපිලම ලකුණු පිපාසයෙන් උණුසුම් සටනක නිරතවූහ.  

 

- 066

 


අදහස් (0)

සී. ආර්. පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.