ආසියානු රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වන මැලේසියානු සත් සාමාජික තරගාවලියේදී කසක්ස්තානු පිල ලකුණු 21 - 00 ක් ලෙසින් පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (31 වැනිදා) සමත් විය.
මෙම තරගයේදී සඳුන් හේරත්, ශී‍්‍රනාත් සූරියබණ්ඩාර සහ නායක ෆාසිල් මරීජා ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත්හ.
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව සත් සාමාජික තරගාවලි 4 කින් සමන්විත වන අතර මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවලදී පැවැත්වෙන සත් සාමාජික තරගාවලි ඊට ඇතුළත් වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.