Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශා.පීතරයන්ට තියුණු ජයක්

ශා.පීතරයන්ට තියුණු ජයක්

රොෂාන් ගුණරත්න - 2017 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ අද (29 වැනිදා) බම්බලපිටියේදී පැවැති තරගයකදී මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 15-13 ක් ලෙස පරාජය කිරීමට බම්බලපිටිය ශා.පීතර විදුහල සමත්විය.


පළමු අර්ධය අවසන්වනවිට ලකුණු 8-3 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්වුවත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මකවූ ශා.පීතර විදුහල් ක්‍රීඩකයෝ තරගයේ ජය තමන් සතුකර ගත්හ.


ශා.පීතර ක්‍රීඩකයෝ ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර ත්‍රිත්ව ක්‍රීඩකයෝ උත්සහක දිනුම් 2 කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළහ.

 

- 036


අදහස් (0)

ශා.පීතරයන්ට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.