Last Update  :  2025-12-04 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව තරග දෙකම පරදී

ශ්‍රී ලංකාව තරග දෙකම පරදී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාව යටතේ කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන තුන්වැනි හා අවසන් අදියරේ මූලික වටයේ පළමු තරග 2 න්ම ශ්‍රී ලංකා කාන්තා රග්බි පිල පරාජයට පත්විය. අද උදෑසන ජපානය සමග පැවැති තරගයෙන් ලකුණු 19-7 ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයෙන් හොං කොං පිල හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 10-5 කිනි.

‘සී‘ කාණ්ඩයෙන් තරග බිමට එක්වුණු රන්දිකා කුමුදුමලීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ දසුනි ද සිල්වා ජපානයට එරෙහිව වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීවාය. එය ගෝලයක් බවට පත්කරනු ලැබුවේද ඇය විසින්මය. ජපානය මේ තරගයේදී ගෝල 2 ක් සහ උත්සාහක දිනුමක් තැබීමට සමත්විය.

හොංකොං පිල සමග පැවැති දෙවැනි තරගයේ පළමු භාගය නිමාවෙද්දී දෙපිලම ලකුණු 5 බැගින් ලබා සිටි අතර තරගය නිමාවීමට පෙර දෙවැනි උත්සාහක දිනුමත් තැබූ හොංකොං පිල ජයග්‍රහණය අත්කරගත්තේය. හොංකොං පිල උත්සාහක දිනුම් 2ක් තැබූ අතර ශ්‍රී ලංකා පිල වාර්තා කළේ එක් උත්සාහක දිනුමකි. එය තබනු ලැබුවේ තනූජා වීරක්කොඩි විසිනි.

 

- 077

 


අදහස් (0)

ශ්‍රී ලංකාව තරග දෙකම පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.