Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා වෙළෙඳ සේවා රග්බි සංගමය සංවිධානත්වයෙන් කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 53 වැනි වෙළෙඳ සේවා සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගැනීමට ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් කණ්ඩායම සමත් විය. තරගාවලියේ වීරයා ලෙස ලින්ක් නැචුරල් කණ්ඩායමේ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේම ජනිඳු දිල්ෂාන් අවසන් තරගයේ වීරයා බවට පත්විය.
අවසන් මහ තරගයේදී පර්ල් බීච් පැරඩයිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 31-14 ක පහසු ජයක් වාර්තා කරමින් ලින්ක් නැචුරල් ක්‍රීඩකයෝ ශූරතාවට හිමිකම් කීහ. එම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ඔවුහු ලකුණු 14-07 ක් ලෙස පෙරමුණේ පසුවූහ. එහිදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලින්ක් නැචුරල් ක්‍රීඩකයන් ලකුණු ලබාගත් අතර පර්ල් බීච් ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ දඬුවම් උත්සාහක දිනුමක් මගිනි.
අවසන් තරගයේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, දිනාල් ඒකනායක, ජනිඳු දිල්ෂාන්, චමෝද් මුතුනායක ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් උත්සාහක දිනුම් දෙකක ප්රවර්ථන සාර්ථක කර ගැනීමට සූරියබණ්ඩාරත්, එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට ඒකනායකත් සමත් වූහ. පර්ල් බීච් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කී ජයතු රාජරත්න, එහි ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තේය.
කුසලාන ශූරතාව සඳහා කණ්ඩායම් 6 ක් තරග වැඳුණු අතර එහි අවසන් පූර්ව වටයේදී සම්පත් බැංකු පිලට එරෙහිව ලකුණු 32-00 ක ජයක් වාර්තා කරමින් ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් පිල අවසන් තරගයට පිවිසියේය. පර්ල් බීච් පැරඩයිස් පිල අවසන් තරගයට පිවිසියේ සී.ඩී.බී. බැංකු පිල ලකුණු 26-14 කින් පරාජයට පත් කරමිනි. අනතුරුව සී.ඩී.බී. බැංකු පිලට එරෙහිව ලකුණු 26-10 ක ජයක් ලැබූ ජෝන් කීල්ස් කණ්ඩායම තරගාවලියේ පළඟ ශූරතාවට හිමිකම් කීවේය.
කණ්ඩායම් 4 ක් තරග වැදුණු බඳුන ශූරතාව දිනාගැනීමට සෙලාන් බැංකු පිල සමත් වූයේ අවසන් තරගයේදී ලකුණු 33-00 ක් ලෙස සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කණ්ඩායම පරාජය කරමිනි. පලිහ ශූරතාව වෙනුවෙන් කණ්ඩායම් 10 ක් තරග වැදුණු අතර එහි අවසන් මහ තරගයේදී කමාර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 30-14 ක ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.
මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මාස්ටර්කාඩ් සමාගම කටයුතු කළ අතර එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස්, ප්‍රීමා කොත්තු මී, ටර්බෝ ශක්ති ජනක පානය, අයඩෙකෙස් යන සමාගම් සහ ආයතන එහි සෙසු අනුග්රාහකයන් ලෙස කටයුතු කළේය. තරගාවලියේ විනිෂ්චය කටයුතු මෙයෙහවීම සඳහා එංගලන්ත ජාතික විනිසුරවන් දෙපළක් වන ඩෑන් සහ ටොම් යන මහත්වරුන්ගේ සේවය ලබාගැනීමට සංවිධායකයන් පියවර ගෙන තිබිණ.
තරග ප්‍රතිඵල
කුසලාන ශූරතාව
ලින්ක් නැචුරල් ප්‍රඩක්ස් පිල විසින් ලකුණු 31-14 ක් ලෙස පර්ල් බීච් පැරඩයිස් පිල පරාජය කරන ලදි.
පළඟ ශූරතාව
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පිල විසින් ලකුණු 26-10 ක් ලෙස සී.ඩී.බී. පිල පරාජය කරන ලදි.
බඳුන ශූරතාව
සෙලාන් බැංකු පිල විසින් ලකුණු 33-00 ක් ලෙස සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පිල පරාජය කරන ලදි.
පලිහ ශූරතාව
මාස් හෝල්ඩිංග්ස් පිල විසින් ලකුණු 30-14 ක් ලෙස කමාර්ෂල් ක්‍රෙඩිට් පිල පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.